Author: LFN
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය අතර හමුවක් සිදු ව තිබේ. ඇය ඒ සම්බන්ධයෙන් තොරතුරු සිය X ගිණුමෙහි සඳහන් කර තිබුණාය. එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ලැබෙමින් ඇති බවයි. එසේම, විස්තීර්ණ ණය අරමුදල ට අදාළ පළමු සමාලෝචනය ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේ එම ප්‍රතිසංස්කරණවල වැදගත්කමට ප්‍රතිචාර වශයෙන් බව ඇය සඳහන් කර තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. ඒ අනුව දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ. මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම්, විභාග කිරීමෙන් අනතුරුව ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව…
නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව විදුහල්පති සේවා සංගමය පවසයි. එම සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා සඳහන් කළේ, මේ සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩලයෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදුවන බවය. “තමන්ගේ උසස් වීම නැති, තමන්ගේ වැටුප අහිමි අය මේ අර්බුදයෙන් ගොඩ එන්න මේ පාලකයින්ට විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. පොරොන්දු වෙලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක් හරහා මෙයට පිළියම් යොදන්න. අපට පහුගිය දා පැවැති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා පොරොන්දු වුණා ඉදිරි සතියේ එළැඹෙන බදාදා වෙන විට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව. අපි විශ්වාස කරනවා මෙම පොරොන්දුව ඉටුකරන්න කටයුතු කරයි. එහෙම…
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ, ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සිදුකළ සංකේත වර්ජනය අද (17) උදෑසන 6.30ට තාවකාලිකව අවසන් කිරීමට කළ බව අතුරු වෛද්‍ය ඒකාබද්ධ පෙරමුණ පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, සතියක් ඇතුළත ඉල්ලීම් ලබා දීමට පියවර නොගත හොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවය.
සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලාඅස්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන්. මේ අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව එරට පොලිස් බලධාරීන් පවසා තිබේ. මෙලෙස සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලාඅස්වී ඇත්තේ Golriz Ghahraman නම් මන්ත්‍රීවරියක්. ඇය එරට Green Party හි සාමාජිකාවකි. මෙලෙස චෝදනා එල්ලවී ඇති Golriz Ghahraman නම් මන්ත්‍රීවරිය තමන් අතින් වරදක් වූ බවට පිළිගෙන ඇත. ඉරාන ජාතික කාන්තාවක් වන ඇය 2017 වර්ෂයේදී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත්වී තිබුණේ එරට මන්ත්‍රීධුරයකට පත්වූ පළමු සරණාගතයා ලෙසටය. ඕක්ලන්ඩ් හි වෙළෙඳසැලකින් වටිනා අත්බෑගයක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් පිටවීමත් සමගම ඇය සිය ධුරයෙන්…
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පසුගිය (15) පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි. ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවය. මෙහිදී ජනාධිපති…
මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක් වාර්තාවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මීට පෙර එනම් පසුගිය 12 වනදා එහි දෙවන කොටස අවලංගු කළේය. ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 08 වනදා පැවති එම ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ද අවලංගු කිරීමට තීරණය කර ඇති බවය. ඒ අනුව මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වෙයි. එහි පළමු කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙනු ඇත.
ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ඊයේ (16) මියගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂක, විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. මෙසේ මරණයට පත්වී ඇත්තේ පෝරුවදණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හසිනි භාග්‍යා නමැති තරුණියකි. ඉකුත් 05 වන දින උණ රෝගය වැළඳීම හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහලට ඇයව ඇතුළත් කර තිබුණි. ඉන් අනතුරුව ඇයව 11 වනදා දැඩිසත්කාර ඒකකයට යොමුකර තිබූ අතර ඇයට ඒ වනවිට සිහිය නොමැතිවී ඇති බව දෙමාපියන් පැවසීය. එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමුකර තිබූ වෛද්‍යවරු, ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබුණි. එලෙස දැඩිසත්කාර…
දුම්රිය හරස් මාර්ගයක් අවහිර කරමින් දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ. ඊයේ (16) රාත්‍රියේ වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයක් අවහිර කරමින් මෙලෙස කාර්මික දෝෂයකට ලක්වී ඇත්තේ රාත්‍රී බදුල්ල තැපැල් දුම්රිය යි.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (16) පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය. චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි. සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී තිබියදී ලකුණු 178ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය. තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබුණි. තරගය…