Author: LFN
අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට දරුණු හිම පතනයකින් දැඩි බලපෑම් එල්ල වී තිබේ. අයහපත් කාලගුණයෙන් එරට ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර රට පුරා ගුවන්ගමන් වාර 1,500ක් අවලංගු කර 7,500කට වැඩි ගමන්වාර ප්‍රමාණයක් ප්‍රමාද කෙරුණි.
මෝදර රන්දිය උයන ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවූ රන්දිය උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
දිවයිනේ ප්‍රධාන වශයෙන් අද (16) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මොරටුව රාවතාවත්ත ධර්මරත්න මාවතේ පදිංචි ශ්‍යාමලී ෆොන්සේකා නැමති කාන්තාවක් අතුරුදන්ව තිබේ. 59 හැවිරිදි ඇය පසුගිය 12වනදා සිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් මොරටුව පොලීසියට දැනුම්දෙන ලෙස ඥාතීන් ඉල්ලා සිටී.
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත. මෙම පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය. අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය විය. ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද ඊට ඇතුළත්…
රබර් පටියකට ගෙල සිරවීම හේතුවෙන් කලවාන, පොතුපිටිය, පනාපොල ප්‍රදේශයේ නව හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොතුපිටිය පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ කන්කානම්ලාගේ ගගන නමැති දරුවෙකි. ඔහු පවුලේ එකම දරුවාය. මෙම දරුවා යකඩ මිටි, බෝර යකඩ කූරුවලට රබර් පටි ගැටගසා කැරකවීම කුඩා කාලයේ සිටම විනෝදාංශයක් සේ කර තිබෙන බවත් පෙරේදා (13) ද නිවසේ සිටියෙදී ගල් කැඩීමට යොදාගන්නා බෝර කූරක රබර් පටියක් ගැටගසා කරකවමින් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙම අවස්ථාවේ මාපියන් නිවසේ නිදාගෙන සිට ඇති අතර දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී යකඩ කූර හිසේ වැදී රබර් පටිය ගෙල සිරවී සිට ඇත. පැය භාගයකට වැඩි කාලයක් මිදුලේ වැටී සිටි…
දිවයිනේ ප්‍රදේශ දෙකක දී සිදුකළ පහරදීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ. හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ (14) සවස සාදයකට සහභාගී වී ඇති අතර එහිදී තවත් පුද්ගලයෙකු සමග බහින්බස්වීමක් සිදුව තිබේ. පසුව ඒම ගැටුම දුරදිග යාමත් සමග සාදය අවසන් වී ඇති අතර ඔහු එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වී ඇත. එම අවස්තාවේ දී නැවත් මෙම පුද්ගලයාට පහර දී ඇති අතර පසුව ඔහුව පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පහරදුන් පුද්ගලයාද තුවාල ලබා මේ වන විට ජයවර්ධනපුර රෝහලේ පොලිස් ආරක්ෂාව ඇතිව ප්‍රතිකාර ලබමින් සිටී. ඝාතනයට හේතුව මෙතෙක් ආනාවරණය වී…
නේපාලයේ ඩාන්ග් දිස්ත්‍රික්කයේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් පුද්ගලයින් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මගී බස්රථයක් පාලමකින් ඉවතට පැන ගඟකට පෙරළී යාමෙන් එම අනතුර සිදුවී ඇත. අනතුරින් මියගිය පුද්ගලයින් අතරින් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයන් වන බව වාර්තා වෙයි.
මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය. 52 හැවිරිදි වියේ පසුවන අදාළ ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. වැඩිදුර…
ක්ෂණිකව ධනවතුන් වූ විශාල පිරිසක් පසුපස යුක්තිය මෙහෙයුම දියත් කරමින් තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු පැවසුවේ මෙවැනි පුද්ගලයින් 50,000ක් පමණ ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බවය. සීතාවක පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේදී ඊයේ (14) පැවැත්විය. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා , “ක්ෂණිකව ධනවතුන් වූ විශාල පිරිසක් පසුපස මේ යුක්තිය මෙහෙයුම ලුහු බඳිනවා. මේක එසේ මෙසේ ඉවර වෙන වැඩක් නෙමෙයි. 50,000ක් ඉන්නවා අල්ලන්න. ඉවර කරනකම්ම මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. අපරාධවලට ගෑවිච්ච මේ කිසිම…