Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»සුපිරි පන්දුවාර 2කින් අවසන් වූ ඇෆ්ගනිස්තාන ඉන්දීය ක්‍රිකට් ගැටුම
    Sport

    සුපිරි පන්දුවාර 2කින් අවසන් වූ ඇෆ්ගනිස්තාන ඉන්දීය ක්‍රිකට් ගැටුම

    By LFNJanuary 18, 2024No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය පැරදුම තීරණය කිරීමට සුපිරි පන්දුවාර 2ක් යොමුකිරීමට සිදුවිය.

    කෙසේ වෙතත් තරගයේ දෙවන සුපිරි පන්දුවාරයේ කඩුලු දෙකක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 11ක් රැස්කරගත්තේය.

    සිය දෙවන සුපිරි පන්දුවාරයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස්කරගත්තේ ලකුණු 1ක් පමණි.

    ඒ අනුව තරගයේ ජය දෙවන සුපිරි පන්දුවාරයෙන් තමන් සතු කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

    ඇෆ්ගනිස්තානය සිය පළමු සුපිරි පන්දුවාරය තුළදී එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස්කළේය.

    එහිදී සුපිරි පන්දුවාරයේ Mukesh Kumar යොමුකළ පළමු පන්දුවට Gulbadin Naib දුවද්දී දැවී ගියේය.

    අනතුරුව Mohammad Nabi සහ Rahmanullah Gurbaz එක්ව සුපිරි පන්දුවාර ලකුණු ප්‍රමාණය 16ක් දක්වා ඉහළට එසැවීය.

    සුපිරි පන්දුවාරය ක්‍රීඩා කරන්න පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස්කරගැනීමත් සමග නැවතත් දෙවන සුපිරි පන්දුවාරයක් ලබාදීමට තීරණය කෙරුණි.

    ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 212ක් රැස්කළේය.

    එක් අවස්ථාවකදී ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 30කට කඩුලු 4ක් ලෙසටය.

    කෙසේ වෙතත් කණ්ඩායමේ වගකීම සිය උරහිස මතට ගත් නායක රෝහිත් ශර්මා පන්දු 69කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 121 ක් රැස්කර ගත්තේය.

    ඔහුට අගනා සහායක් ලබාදුන් රින්කු සිං හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමග පන්දු 39කදී ලකුණු 69ක් රැස්කරගත්තේය.

    ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා පන්දුයැවීමක නිරත වූ Fareed Ahmad ලකුණු 20කට කඩුලු 3ක් දවාගත්තේය.

    ජයග්‍රහණය ඉන්දියාව සතුවන බවට අනාවැකි පළවෙද්දී මේ වනවිට ක්‍රිකට් ලෝකයේ පෙරළිකාර කණ්ඩායමක් වන ඇෆ්ගනිස්තානය එම අනාවැකි පුස්සක් බවට පත්කරමින් ආරක්ෂාකාරීව සිය හඹා යාමට අගනා ආරම්භයක් ලබාගත්තේය.

    එහිදී Rahmanullah Gurbaz පන්දු 32කට හයේ පහර 4ක් ශා හතරේ පහර 3ක් සමග ලකුණු 50ක් රැස්කරගත්තේය.

    Ibrahim Zadran ලකුණු 50ක් රැස්කරගත්තේ පන්දු 41කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගිනි.

    Gulbadin Naib වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 23කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 55ක් රැස්කළේ ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින්ට ජයග්‍රහණය පහසුවෙන් ලබානොදෙන බවට තහවුරු කරමිනි.

    එහි ප්‍රතිඵලය වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 212ක් රැස්කරගැනීමත් සමග ලකුණු සම වීමය.

    අනතුරුව තරගයේ ජය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ලබාදීමට විනිසුරුවරු තීරණය කළේය.

    කෙසේ වෙතත් මීට පෙර පැවති තරග දෙකම ඉන්දීය කණ්ඩායම ජයගෙන විස්සයි විස්ස තරගාවලියේ ජය තහවුරු කරගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.