Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාසා තීරයට හැකි අයුරින් උදව් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්
    Featured

    ගාසා තීරයට හැකි අයුරින් උදව් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

    By LFNJanuary 12, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

    ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තිය වන්නේ අරාබි රටවල් සමග සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමයි.
    ඉතා ඉක්මණින් ලබන වසරේදී හෝ කසක්ස්තානයේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමට බලාපොරොත්තු වනවා. කාබුල් නුවර තිබූ තානාපති කාර්යාලය වෙනුවට පිහිටුවන එම තානාපති කාර්යාලය හරහා මධ්‍යම ආසියානු ජනරජ සමග අපට සම්බන්ධවන්න පුළුවන්.”

    “පලස්තීනය සහ ගාසා තීරය අතර දැනට පවතින යුද්ධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉතා පැහැදිලියි. අපි සැමවිටම කියා තිබෙනවා කිසිවෙකුට ජාතියක් මුලිනුපුටා දැමීමට නොහැකි බව. හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ලකළ ප්‍රහාර, ගාසා තීරයේ වසන සමස්ත ජනප්‍රජාව අතුගා දැමීම සඳහා නිදහසට කරුණක් ලෙස යොදාගත නොහැකියි.”

    “දැන් ගාසා තීරය මුළුමනින්ම පාහේ විනාශ කර තිබෙන්නේ. ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ඇතිවනු දැකීම අපට අවශ්‍යයි. ඒවගේම ගාසා තීරයට සහනාධාර යා යුතුයි. එවැනි සටන් විරාමයක් ඇතිවු විට ශ්‍රී ලංකාවේ අපත් හැකි අයුරින් ගාසා තීරයට සහනාධාර යැවීමට සූදානම්. අපට ඇති සීමිත සම්පත්වලින් වුවත් ගාසා තීරයේ එක් පාසලක් ඉදිකිරීමට අප සූදානම්.”

    “ඒ වගේම පලස්තීන බටහිර ඉවුරෙන් යුදෙව් පදිංචිකරුවන් ඉවත්කරගත යුතුයි. ඔවුන් කියනවා ගාසා තීරයේ හමාස් මුලිනුපුටා දමනවා කියලා. ඒ වගේම රතු මුහුද ආශ්‍රිත ප්‍රශ්නේදී නෞකා යැවීමේ ධාරිතාවක් අපට නැහැ. නාවික හමුදාව කියන්නේ ඔවුන් එහි යනවානම් යම් ආවරණයක් සහිතව යන බවයි.”

    “ඉන්දියන් සාගරයේ නෞකා ගමනාගමනයට නිදහස තිබුණොත් අපට ඒ සබඳතාව ගොඩනගාගත හැකියි. නමුත් මේ කාරණයේදී අපි අරාබි ලෝකය ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දක්වනවා.”

    මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා ප්‍රමුඛ, ඊජිප්තුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, ඉරානය, කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ ඉරාකය යන රටවල තානාපතිවරුන් එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.