Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා – ජනපති
    Hot News

    වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා – ජනපති

    By LFNJanuary 12, 2024No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසීය.

    මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (11) එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    “අප පුරුදුව සිටින්නේ බදු සහන ඉල්ලීමටයි. නමුත් එම සහන සියල්ල ලබාදී අප මෙම ක්ෂේත්‍රයෙන් බිලියනයක්වත් උපයාගෙන නැහැ. ඒ කියන්නේ සහන ලබාදීම අසාර්ථක වී තිබෙනවා. එසේ නම් කළයුතුව තිබෙන්නේ සහන ලබාදෙන අතරම මෙම කර්මාන්තය දියුණු කිරීමයි. මේ කර්මාන්තයේ සිටින සියලුදෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම මැණික් ඔප දැමීමේ නිරතව සිටින පිරිස්වල ද දැනුම වර්ධනය කළයුතුයි.”

    “තමන්ගේ සාක්කුවට විතරක් මුදලා දමාගැනීම වෙනුවෙන් බදුවලින් නිදහස් කරන්න කියන යෝජනාවට මම නම් එකඟ නැහැ. මගේ අරමුණ ඊළග වසර දෙක තුළ මෙම කර්මාන්තය විශාල දියුණුවකට ගෙන ඒමයි. විශේෂයෙන් බේරුවල, රත්නපුර ඒ වගේම ලග්ගල යන ප්‍රදේශවල සියලුදෙනාට එහි වාසිය ලැබිය යුතුයි. රටට වගේම ක්ෂේත්‍රයේ සියලුදෙනාට සෙතක් විය යුතුයි.”

    “මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% – 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළහොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.