Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අදත් පිරිසක් වර්ජනයක
    Hot News

    අදත් පිරිසක් වර්ජනයක

    By LFNJanuary 10, 2024Updated:January 10, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරුන් සඳහා වන ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ඊයේ ගත් තීරණයට විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ (09) රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් දියත් කළේය.

    මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්විය.

    ඒ අතර මෙම වර්ජනයට සහාය පළ කරමින් අද (10) දින පැය 48ක වර්ජනයක් සිදුකරන බව තවත් සෞඛ්‍ය වෘත්තිය සමිති ගණනාවක් ඊ පස්වරුවේ නිවේදනය කර තිබුණි.

    රජය මෙතෙක් කල් වෛද්‍යවරුන් සඳහා මාසිකව ගෙවනු ලැබූ ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් DAT දීමනාව රුපියල් 35,000කි. එය රුපියල් 70,000 දක්වා වැඩිකිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පළ කෙරුණි.

    කෙසේ වෙතත් එම දීමනාව තමන්ට ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ඊයේ උදෑසන 8 සිට රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් දියත් කර තිබුණි.

    නමුත් ළමා රෝහලේ , පිළිකා රෝහලේ , මාතෘ රෝහල්වල, වකුගඩු රෝහල්වල, මධ්‍යම ලේ බැංකුවේ සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවීය.

    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පී සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය, ඛන්තු රේඛන ශිල්පී සංගමය, පාසල් දන්ත චිකිත්සක සංගමය, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී සංගමය සහ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය එලෙස වර්ජනයට එක්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.