Author: LFN

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව ගොනු කෙරුණු ඇපෑලක් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ එම පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 19 වනදා කැඳවන ලෙසය.

Read More

හෝමාගම කර්මාන්ත ශාලාවක භූගත වායු ටැංකියකට හානි සිදුවීමෙන් පිටවූ දුමාරයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන අපහසුතා ඇති වී ඇති බව වාර්තා වේ. කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග ද පොලීසිය වසාදැමීමට කටයුතු කර ඇති අතර ගිනිනිවීමේ රථ සහ ගිලන් රථ සේවාද සූදානම් කර ස්ථානගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. හෝමාගම පිහිටි මෙම කර්මාන්තශාලා පරිශ්‍රයෙන් මේ ආකාරයෙන් සුදු පැහැති දුමාරයක් පිටවන්නේ අද (08) අලුයම් කාලයේ සිටය. කර්මාන්තශාලාවේ පිහිටි භූගත ටැංකියකට සිදුවූ හානියක් හේතුවෙන් ඉන් පිටවූ වායුවක ඇතිවූ රසායනියක ප්‍රතික්‍රියාවක ප්‍රතිළුලයක් ලෙස මෙම වායුව හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි. දුමාරය පැතිරීම ආරම්භ වූ පසු ප්‍රදේශයේ ජනතාවට හුස්ම ගැනීමට සුළු අපහසු තත්ත්වයක් හටගෙන තිබූ…

Read More

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ වැදගත්කම ජපානය අවධාරණය කර තිබේ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ දී ණයහිමි රටවල් සමග ප්‍රතිපත්තිමය එකඟත්වයකට පැමිණියේය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පසුගිය වසරේ දී පිහිටුවා ගත්තේය. ණයහිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය දරණ බව සඳහන්ය.

Read More

දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

Read More

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන ඇති බව පොලීසිය පවසයි. අප කළ විමසීමක දී හෝමාගම පොලීසිය සඳහන් කළේ, මේ වනවිට පවතින මීදුම් සහිත තත්ත්වයට ක්ලෝරීන් එකතුවීමක් සිදුව ඇති බවය. කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් සියලුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වෙන ලෙසත් පොලීසිය දැනුම්දෙයි. හිරු එළිය නිසි ලෙස පතිත වන්නේ නම් මෙම තත්ත්වය මඟ හැරී යන බවත්, එසේ සිදුවන තෙක් පවතින දුම සහිත ස්වභාවය හේතුවෙන් මුඛ ආවරණ නිසි ලෙස පැලඳ කටයුතු කරන ලෙසත් පොලීසිය ඉල්ලීමක් කරයි. එමෙන්ම යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙස ද…

Read More

මහියංගනය ප්‍රදේශයේදී බිරිඳ විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ මහියංගනය කපුරුගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලීසිය සැකපළ කරන්නේ බිරිඳ සමග ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිඳ එල්ලකළ පිහි ප්‍රහාරයකින් මෙලෙස සැමියා මියයන්නට ඇති බවටය. වැඩිදුරටත් වාර්තා වන්නේ ඔවුන් අතර නිරන්තරයෙන් ආරවුල් ඇතිවන බවත් මීට පෙර අවස්ථාවකදී ඔහු විසින් සිය දරුවන්ට වස පෙවීමට උත්සාහ දරා ඇත බවත්ය. පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු පෙරේදා රාත්‍රියේ ද බීමතින් පැමිණ බිරිඳට ප්‍රහාරයක් එල්ලකර ඇයට සහ දරුවන්ට වස පෙවීමට උත්සාහ දරා ඇති බවටය. එහිදී එම බිරිඳ විසින් ඔහුගේ පාදයට මන්නා පිහියකින් පහරදී…

Read More

ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශේෂ ඩෙංගු මර්දන සතියක් ඊයේ (07) සිට ක්‍රියාවට නැංවිය. ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික්කවලිනි. ඒ අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ හැම්බර් පාරේ වේළුවන නිවාස සංකීර්ණයේ විශේෂ සෝදිසි කිරීමක් මෙම වැඩසටහන යටතේ සිදුකෙරුණි. ඒහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජය විජයමුණි මහතා පැවසුවේ ඩෙංගු මර්ධනය සඳහා මහජනතාවගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත් නොවන බවත් ඒ් සමබන්ධයෙන් කනගාටු වන බවත්ය. “මේ වන විට එකම නිවැසියෙක්වත් මේ සඳහා සහභාගි වෙන්නේ…

Read More

අමෙරිකානු ආරක්ෂක ලේකම් Lloyd Austin පූර්ව දැනුම්දීමකින් තොරව සැත්කමක් සඳහා හදිසියේ රෝහල්ගත වී තිබේ. ඔහු මේ බව බයිඩන් පරිපාලනයට දන්වා ඇත්තේ දින 3ක ප්‍රමාදයකින් පසුවය. Lloyd Austin රෝහල්ගතව සිටි කාලයේදී ඔහුගේ උප ලේකම්වරිය වූ Kathleen H. Hicks ද සිට ඇත්තේ පුවර්ටරිකෝ දූපතේය. ඒ අනුව අදාළ දින 3 තුළ රටේ ආරක්ෂාවේ වගකීම කවරෙක් භාරයේ පැවතියේද යන්න සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර Lloyd Austin එහි වගකීම භාරගත් බව සඳහන් වෙයි.

Read More

මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතන මඟින් මෙරට විශාල මූල්‍ය වංචා රැසක් සිදුවන බවත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ”ඔන්ලයින් ලෝන් මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු” සංවිධානයේ පිරිසක් ඊයේ (07) හමුවූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය . එහිදී අනාවරණය වූයේ මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයන්ගෙන් සියයට 365කට අධික පොලියක් අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවය. එහිදී ඔවුන් කියා සිටියේ කිසිදු නියාමනයකින් තොරව සිදුවන මෙම මූල්‍ය ගණුදෙනු නිසා ඇතැමුන් දැඩි පීඩාවට පත්ව සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවය. එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව දැනුවත්…

Read More

ව්‍යවස්ථානුකූලව බලය බෙදීමට තමා සූදානම් බවත්, ආර්ථීකය නිවැරදි මඟකට යොමුකිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවැති ජන හමුවකදීය. යාපනයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් ඊයේ හමුවිය. සිතුවමට නැගුණු ජනපතිගේ රුවක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමත් එහිදී සිදුවිය. මේ අතර කොළඹ තරුණ බෞද්ධ සමිතියේ 125 වැනි සංවත්සරය නිමිත්තෙන් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදි අද පැවැත්විය. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

Read More