Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෝමාගම ජනතාවට ස්වසන අපහසුතා
    Featured

    හෝමාගම ජනතාවට ස්වසන අපහසුතා

    By LFNJanuary 8, 2024No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෝමාගම කර්මාන්ත ශාලාවක භූගත වායු ටැංකියකට හානි සිදුවීමෙන් පිටවූ දුමාරයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන අපහසුතා ඇති වී ඇති බව වාර්තා වේ.

    කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග ද පොලීසිය වසාදැමීමට කටයුතු කර ඇති අතර ගිනිනිවීමේ රථ සහ ගිලන් රථ සේවාද සූදානම් කර ස්ථානගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    හෝමාගම පිහිටි මෙම කර්මාන්තශාලා පරිශ්‍රයෙන් මේ ආකාරයෙන් සුදු පැහැති දුමාරයක් පිටවන්නේ අද (08) අලුයම් කාලයේ සිටය.

    කර්මාන්තශාලාවේ පිහිටි භූගත ටැංකියකට සිදුවූ හානියක් හේතුවෙන් ඉන් පිටවූ වායුවක ඇතිවූ රසායනියක ප්‍රතික්‍රියාවක ප්‍රතිළුලයක් ලෙස මෙම වායුව හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.

    දුමාරය පැතිරීම ආරම්භ වූ පසු ප්‍රදේශයේ ජනතාවට හුස්ම ගැනීමට සුළු අපහසු තත්ත්වයක් හටගෙන තිබූ අතර ඔවුන් පොලීසිය දැනුම්වත් කර ඇත.

    එහිදී පොලීසිය ඔවුන්ට මුව ආවරණ පැලඳීමට ද උපදෙස් ලබාදී තිබේ.

    මෙම කර්මාන්තශාලාව ඉකුත් වසරේ අගෝස්තු මස 17වනදා ගිනි ගැනීමකට ලක්වූ අතර එහිදී රසායන ද්‍රව්‍ය කර්මාන්තශාලාව පුරා පැතිර තිබූ අතර ඒවා යළි නිසි ක්‍රමවේදයකට බැහැර කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි.

    පසුව මධ්‍යම පරිසර අධිකාරියෙන් පවසා ඇත්තේ ඒවා ඔවුන් පැමිණ නිසිඅයුරින් බැහැර කිරීම සිදුකරන තෙක් නිසි අයුරින් ගබඩා කර තබන ලෙසය.

    එහිදී කර්මාන්තශාලා සේවකයින් මෙම රසායන ද්‍රව්‍ය භූගත ටැංකිවල ගබඩා කිරීමට කටයුතු කර ඇත.

    ඉදිකිරීම් කටයුත්ත අතරතුර හානි සිදුව තිබුණේ එලෙස රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබූ භූගත ටැංකියකටය.

    ඉන් පිටවූ වායව ඊයේ (07) පැවති අධික වර්ෂාව අතරතුරදී වූ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැකපළකරයි.

    කෙසේ වෙතත් ඔවුන් පැවසුවේ මේ වන විට තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.