Author: LFN
නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වෙයි. එම වසරේ දෙසැම්බර් මස වනවිට රටේ ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පහළ ගොස් තිබු බවට ඉන්ධන බෙදුම්කරුවන් ප්‍රකාශ කළ ද වසරේ අවසන් මාස කිහිපයක තුළ පැවැති ඉන්ධන මිල ගණන්වලට අනුකූල වු විකුණුම් ක්‍රියාවලිය සලකා බැලීමේදී පෙර වසරවලට සාපේක්ෂව සංස්ථාව ඉහළ ලාභයක් වාර්තා කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පැවසීය. සයිනොපෙක් චීන ඉන්ධන සමාගම් හා පවතින තරඟකාරීත්වය අවම වීම තුළ ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය අවදානම් මට්ටක පවතින බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද එම සංස්ථාව පවසයි. එබැවින් එය පෞද්ගලීකරණය කිරිමේ අවශ්‍යතාවක්…
පාකිස්තානය තුළ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වේගයෙන් පැතිර යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිටත් හඳුනා ගන්නා ආසදිතයින් අතර පැතිර යන්නේ H3N2 ප්‍රභේදය බවද පැවසෙයි. එම වෛරස් ඛාණ්ඩය දරුණු බවද වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. පාකිස්තානයේ ජාතික සෞඛ්‍යා ආයතනය පවසන්නේ පාකිස්තානයෙන් සෑම සතියකම දරුණු ශ්වසන රෝගාබාධ සහිත ආසාදිතයින් සිය ගණනක් වාර්තා වන බවය. එම ඉන්ෆ්ලුවෙන්සා වෛරස ප්‍රභේදය වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට අනතුරුදායක විය හැකි බවද සෞඛ්‍ය විශේෂඥයින් අනාවරණය කර ඇත.
ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු මොලේ උණ (meningitis)රෝගය වැළඳි මියගිය බව තහවුරු වීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර කොමසාරිස් (මෙහහෙයුම් හා බුද්ධි ) මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ සෞඛ්‍ය නිර්දේශයන් අනුව මෙම පියවර ගෙන ඇති බවය. ඒ අනුව, ගාල්ල බන්ධනාගාරයට ගෙන එන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නියෝගය කර තිබේ. එමෙන්ම අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට කටයුතු යොදා ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.
නත්තල සහ අලුත් අවුරුදු සමයේ ඉහළ ගිය එළවළු සහ මත්ස්‍ය මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. වෙළෙඳුන් පවසන්නේ, කැරට් කිලෝවක් රුපියල් දහසක් පමණ වන අතර, අමු මිරිස් සහ ඉඟුරු කිලෝව රුපියල් දෙදහසේ සීමාවට ළං ව ඇති බවයි. එමෙන්ම මාළු වෙළෙපොළේ තොග මිල ගණන් ද පාරිභෝගිකයාට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇත. පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද අද (04) උදෑසන ඉහළ මට්ටමක පැවති බව වාර්තා වේ. ඒ අනුව මිල දැක්වුණේ කැරට් කිලෝවක් රුපියල් 750ක්, බෝංචි රුපියල් 500ක්, ලීක්ස් රුපියල් 250ක්, මාලුමිරිස් රුපියල් 700ක් සහ ගෝවා රුපියල් 450ක් ලෙසයි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට්, මාළුමිරිස්, වම්බටු,…
සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත් මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබූ සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති…
කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටවූ ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකු අනිවාර්ය නිවාඩු ගැන්වීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා පියවර ගෙන තිබේ. සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම වෘත්තීය සමිතියේ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සේවාවල නිරත ගුවන් සමාගම් වෙත එම ගුවන් සේවා කඩාකප්පල් කිරීමේ අරමුණින් ලිපි යවා ඇති බවයි. එවැනි පියවරක් ගැනීමට ඔවුන්ට නීත්‍යනුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බව සඳහන් කරන සභාපතිවරයා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වහාම බලපැවැත්වෙන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට පියවර ගෙන තිබේ. එමෙන්ම පරීක්ෂණ අවසන් වන තෙක් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත…
ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක්, තමන් යළි දිවයිනට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස රජයට බලකරමින් විරෝධතාවක නිරත ව තිබේ. ඔවුන් පවසන්නේ, තමන්ට ජෝර්දානයේ රැඳී සිටීමට වීසා පවා නොමැති බවයි. අවම පහසුකම් පවා නොමැතිව තමන් බලයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බවට චෝදනා කරමින් ඇඟලුම් රැකියා සඳහා ජෝර්දානයට ගිය ශ්‍රී ලාංකිකයින් 250කට වැඩි පිරිසක් මෙසේ විරෝධතාවක නිරත ව ඇත. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, තමන් සේවයේ නියුතු අසිල් යුනිවර්සල් නම් මෙම ඇඟලුම් කම්හලේ බලධාරීන් තමන්ට හිමි වැටුප් ලබා නොදෙමින්, ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ද ඉඩ ලබා නොදෙන බවයි. ඔවුන් මෙරට රජයෙන් ඉල්ලා සිටින්නේ, තමන්ට නිසි වැටුප් ලබා දී ආපසු මෙරටට පැමීණීමට අවස්ථාව…
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අද (05) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද දැනුම්දෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය සියයට සියයකින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බවය. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මීට පෙර සඳහන් නොවූ රෝග කිහිපයක් ද ඊට ඇතුළත් කර ඇති බවය. ඒ අනුව මාසික ආදායම ලක්ෂ 2කට අඩු පුද්ගලයින්ට ද ජනාධිපති අරමුදල මගින් මාසිකව වෛද්‍යාධාර ලබාගත හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කර තිබේ.
බදු අය කරගැනීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නෛතික ක්‍රියාවලියේ සිදු කළයුතු වෙනස්කම් පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කර තිබේ. බදු ගෙවිය යුතු බවට හඳුනාගෙන ඇති බදුහිමියන් පවා බදු ගෙවා නොමැති බව මෙහිදී අවධානයට ගෙන ඇති අතර පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකි බවද නිරීක්ෂණය කර ඇත. ඒ අනුව රාජ්‍ය ආදායම වර්ධනය කරගැනීම සඳහා කළයුතු නෛතික සංශෝධන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ 2023.06.30 දිනට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් බවය.