Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති පුනරින් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක
    Featured

    ජනපති පුනරින් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

    By LFNJanuary 6, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ පුනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලසුම සමාලෝචනය කිරීමට පුනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා මෙහි දී එක් වී ඇත.

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පුනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

    ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එහි දී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද දැනුම් දී ඇත.

    ඉන් අනතුරු ව පුනරින්හි පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටුව නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වී තිබේ.

    මේ අතර, පුනරින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් වන ‘වන්නි කැෂූ’ කජු නිෂ්පාදන ආයතනය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.

    යාන්ත්‍රික ඉංජිනේරුවරියක වන තරුණියක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම කර්මාන්ත ආයතනය තුළ යුද්ධයෙන් පීඩාවට පත් තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබේ.

    නවීන තාක්ෂණයෙන් සමන්විත ව මෙහි සියලු කටයුතු සිදු වන අතර, කජු ලෙලි ගැසීමේ සිට එහි අවසන් නිමැවුම දක්වා භාවිතයට ගැනෙන සියලු යන්ත්‍ර සූත්‍ර අදාළ තරුණිය විසින්ම නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයකි.

    මෙම කර්මාන්ත ආයතනය මඟින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපතිවරයා මෙය රටේ අනෙකුත් තරුණ තරුණියන්ට ද මහගු ආදර්ශයක් බව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202600 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.