Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»උසස් පෙළ කාලසටහනේ සුළු වෙනසක්
    Local News

    උසස් පෙළ කාලසටහනේ සුළු වෙනසක්

    By LFNJanuary 3, 2024No Comments2 Mins Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා,

    “මෙවර අලුත් විෂයක් එකතුවෙලා තියෙනවා. කොරියානු භාෂාව. ඒ විෂය එකතු කිරීමට යෑමේ දී කාලසටහනේ පුංචි වෙනස්කම් කිහිපයක් සිදුකරන්නට වුණා. ඒ නිසා මම සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා පෙර පැවති කාලසටහන පාවිච්චි කරන්නට එපා. මොකද සමහර වෙබ් අඩවිවල මේ කාලසටහන වැරදි විදියට දක්වලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂකයින්ට පහසුවෙන්න අපි ප්‍රවේශපත්‍රයේම මේ කාලසටහන දක්වලා තියෙනවා. ඒ නිසා කිසිදු වෙනත් තොරතුරකට යන්න අවශ්‍ය නෑ. ඔබේ ප්‍රවේශපත්‍රය ගත්තහම එකේ වෙන්කර ගන්න කොටසක් තියෙනවා. ඒ කොටසේ ඔබ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, මොන පත්‍රය ද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා. එය ප්‍රමාණවත්. ඔබ වෙන කිසිදු දෙයක් සොයන්නට අවශ්‍ය නෑ කාලසටහන පිළිබඳව…”

    මේ අතර, ආපදා අවදානම සහිත ප්‍රදේශවල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙනුවට විකල්ප පාසැල් සූදානම් කිරීම සඳහා වැඩපිළිවලක් ක්‍රියාත්මක වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, පස්සර, අම්පාර, මඩකලපුව සහ හසලක යන ප්‍රදේශ පිළිබදව දැඩි අවදානය යොමුකර ඇති බවය.

    “සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා, අවසන් මොහොත වෙනතුරු ඉන්න එපා. තමන්ගේ මධ්‍යස්ථානයට යන්න බාධාවක් තියෙනවා දැයි සොයා බලන්න. එහෙම තියෙනවා නම් ළඟම තියෙන කලාප කාර්යාලයට, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික අංකයට කතා කරලා විභාගයට යන්න අවශ්‍ය පරිසරය සකස් කරගන්න. එවැනි තත්ත්වයක් නැති තැන්වල වුණත් විභාග මධ්‍යස්ථානයට කල් ඇතිව යන්න. ඔබට පුළුවන් අවශ්‍ය නම් යම් අධ්‍යයනයක් සිදුකරන්න. ඒ ශාලාධිපතිවරු ඔබගේ සටහන් ඉවත් කරන්න කියන තුරු අධ්‍යාපන කටයුතු කරන්න. විභාගය ලිවීමට අවශ්‍ය මානසික වාතාවරණය ඇති කරගන්න කියලා ඉල්ලීමක් කරනවා…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.