Close Menu
Lanka Focus News
    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»කොරෝනා සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන්න
    Political

    කොරෝනා සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන්න

    By LFNJanuary 3, 2024No Comments3 Mins Read129 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවය.

    එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

    මෙරට ජනතාවට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. කොවිඩ් අර්බුදයෙන් පසුව ඇති වූ රටේ ආර්ථික කඩාවැටීම හමුවේ යම් යම් ඖෂධවල හිඟයක් මතුව තිබුණා. මේ වන විට රටේ මූල්‍ය තත්ත්වය ක්‍රමානුකූලව යහපත් වෙමින් පවතින නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් වූ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කර තිබෙනවා. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදු කිරීමේ අරමුණින් එම ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබෙන අතර ඒ සඳහා කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි පරිගණක අංශවල සහය ලබා ගැනීම සිදු වෙනවා. මේ අනුව ඉදිරියේදී අදාළ ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය තුළින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

    ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පර්යේෂණාගාරය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැය තුළින් වෙන් කර දී තිබෙනවා. එහි ධාරිතාව, මානව සම්පත මෙන්ම ව්‍යාහුහාත්මක වෙනස්කම් සිදුකිරීමට මේ වසරේ හැකියාව ලැබෙනු ඇතියි. එසේම ‌අපේ රටට අවශ්‍ය ඖෂධ වර්ග 850ක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. එම ඖෂධ අතරින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට අත්‍යාවශ්‍ය ඖෂධ සියල්ලම අප සතුව පවතිනවා. අක්ෂි කාච, හෘද රෝගීන්ට අවශ්‍ය සැත්කම් උපකරණ (ස්ටෙන්ස්), විකලාංග ශල්‍යකර්ම උපකරණ ඇතුළු අනිකුත් උපකරණ සම්බන්ධවත් අප එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

    පසුගිය වසරේ ඩෙංගු රෝගයෙන් මරණ 50ක් පමණ වාර්තා වී තිබෙනවා. එය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට තනිවම කරන්න බැහැ. සමස්ත සමාජයේම සහාය ඒ සඳහා හිමිවිය යුතුයි. ඒ වගේම ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. හැකි සෑම අවස්ථාවකම තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම තුළින් ඩෙංගු රෝගය පාලනය කළ හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නමුත් පසුගිය වසරේ සරම්ප රෝගීන් 700ක් පමණ වාර්තා වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මස දෙවැනි සතියේ සිට දිවයින පුරා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. සරම්ප රෝගයෙන් වැළකීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඇති කරන එම එන්නත තම දරුවන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස මම සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 202600 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරගම, හික්කඩුව,…

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.