Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළිවෙයි
    Featured

    මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළිවෙයි

    By LFNDecember 21, 2023No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරමකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අළුබෝමුල්ල පොලීසිය සඳහන් කළේ “අළුබෝමුල්ලේ පිංකි” නමැත්තා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 04 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවය.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුබෝමුල්ල මහාබෙල්ලන, බණ්ඩාරගම, රඹුක්කන පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකි.

    ප්‍රධාන සැකකරු කිසිදු රැකියාවක් නොමැතිව සුඛෝපභෝගී නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථ රැසක් භාවිත කරමින් සුපිරි ජීවිතයක් ගත කරන බවත් තෙමහල් ගොඩනැගිලි ඇතුළු දේපොළ රැසක හිමිකරුවෙකු බවට ලද තොරතුරු මත අළුබෝමුල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාට සැකසිතී විමර්ශන ක්‍රියාත්මක කර තිබුණි.

    ඒ අනුව සැකකරු පොලීසියට ගෙන්වා පැය 02ක පමණ කාලයක් ප්‍රශ්න කරමින් සිටියදී ඔහු සතු ජංගම දුරකථන පරීක්ෂා කිරීමටත් පියවර ගෙන තිබුණි.

    ඒ අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩ රාශියක් ලැබී ඇත.

    ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කටාර් රාජ්‍යයේ සහ මෙරට මත්කුඩු ජාවාරමට සම්බන්ධ මත්කුඩු ඡායාරූප, මුදල් ගනුදෙනු රිසිට් පත්, දුරකථන සංවාද, ගූගල් සිතියම් ඇතුළු තොරතුරු රැසක් අඩංගුව තිබූ බවද අනාවරණය වූ බව පොලීසිය පවසයි.

    ඒ අනුව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී වසරක පමණ කාලයකදී රුපියල් කෝටි 15 කට අධික මුදල් ගනුදෙනු කර ඇති බවටද අණාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව සැකකරුගේ බැංකු ගිණුම් අත්හිටුවා වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරීයෙකු පැවසීය.

    ප්‍රධාන සැකකරු සහ ඔහුගේ ප්‍රධාන ගෝලයා කටාර් රාජ්‍යයේ මත්කුඩු ජාවාරම් කොට සිරගත කර සිටි දෙදෙනෙකු බවද, ප්‍රධාන ගෝලයා එරටින් පිටුවහල් කර ඇති අයෙකු බවද හෙළිවී ඇත.

    සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 22ක්, සුඛෝපභෝගී මෝටර් රථයක්, ත්‍රීරෝද රථ දෙකක්, යතුරුපැදියක්, ජංගම දුරකථන සහ බැංකු ගිණුම් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

    සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.