Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»සනත් ජයසූරියට ප්‍රබල අභියෝගයක්
    Sport

    සනත් ජයසූරියට ප්‍රබල අභියෝගයක්

    By LFNDecember 15, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක පරිදි සනත් ජයසූරිය වසරක කාලයක් සඳහා එම තනතුරට පත් කළ බවය.

    2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තමන් සහභාගීවු තරග 9න් තරග 7ක් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමටත් අපොහොසත් විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබු එවැනි පරාජයන් සමග ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුවට මෙන්ම පරිපාලනයටද දැඩි විරෝධය එල්ල වුණි.

    ඒ අනුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වසර දෙකක කාලයක් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කිරීමට පසුගියදා පියවර ගත්තේය.

    ඒ සමඟම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරියව අද පත්කෙරුණි.

    සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය සමග සෘජුවම කටයුතු කරන අතර වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහය සමාලෝචනයට සහ විශ්ලේෂණයට ලක්කර පැහැදිලි හා ඵලදායී සංවර්ධන සැලැස්මක් සකර කිරීම ඔහුට පැවරෙන කාර්යයන් අතරට අයත් ය.

    2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත්කළ මහේල ජයවර්ධනට අමතරව මෙම පත්කිරීම සිදුකළ බව වාර්තා වෙයි.

    මේ අතර ඩුබායි හිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට පළමු වටයෙන්ම ඉවත්වීමට සිදුවුණි.

    තරගාවලියේදී තරග 3කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජපානය සමඟ තරගය පමණක් ජයග්‍රහණය කළ අතර අනෙක් තරග දෙකම පරාජය වුණි.

    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ හෙම්බත්වී සිටින ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳ හෝ යම් බලාපොරොත්තුවක් රඳවා ගනු හැකිද යන ප්‍රශ්නාර්ථය ශ්‍රී ලංකා යොවුන් පිල ලබන මේ පරාජයන් සමග මතුවී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකා ජාතික පිල මෙන්ම අනෙකුත් කණිෂ්ඨ කණ්ඩායම්වල ඵලදායී වර්ධනයක් ඇතිකිරීම උදෙසා වන සැලැස්මක් දියත් කිරීම නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරියගේ ප්‍රමුඛ අභියෝගය වනු ඇති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.