Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැඹිලි අපනයනය ඉහළ දැමීමට පියවර
    Featured

    තැඹිලි අපනයනය ඉහළ දැමීමට පියවර

    By LFNDecember 15, 2023No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් එරටට අපනයනය කෙරෙමින් පවතින බවය.

    එසේ වුවත් මෙතෙක් වැවිලි බෝගයක් වශයෙන් නොව ගෙවතු වගාවක් ලෙස සිදු කෙරෙන තැඹිලි වගාව පළමුවරට අපනයනය ඉලක්ක කරගත් වගාවක් ලෙස වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඊයේ (14 ) පියවර ගත්තේය.

    ඒ අනුව ලංකාවේ ප්‍රථම තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස මුරුතවෙල ඉහළ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කටයුතු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

    නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රථමයෙන් තැඹිලි පැළ 1,500ක් මෙම ප්‍රදේශයේ ගෙවතු ආශ්‍රිතව රෝපණය කෙරේ. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ තැඹිලි පැළ බෙදාදීම අද දින අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි. එක් ගෙවත්තකට තැඹිලි පැළ 10ක් බැගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

    මෙරටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරළ කලාපයේ රුපියල් 2,500 ක් වැනි ඉහළ මිලකට අලෙවි කෙරේ. මේ වනවිට එරට තැඹිලි සඳහා ඇති ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.

    පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8 (දළ වශයෙන් රුපියල් 296) ක මුදලක් හිමිවෙයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කෙරේ.

    තැඹිලි අපනයනය කිරීමෙන් ඉකුත් වසරේදී (2022) රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර, මේ වසරේදී (2023) අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලොව රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහ සියල්ල අසාර්ථක වී ඇති බවය.

    ලෝකයේ රසවත්ම තැඹිලි ශ්‍රී ලංකාවේ තැඹිලි බවත් එම නිසා Sri Lanka Sweet Coconut සන්නාමය සහිතව ඉදිරියේදී මෙරට තැඹිලි ලොව තුළ ජනප්‍රිය කරවීම සඳහා පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.