Author: LFN

ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ. එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇත. එහි අනෙක් සාමාජිකයින් වන්නේ හිටපු ක්‍රීඩකයින් වන, ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම්.

Read More

මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ නියෝග කළේය. එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරු දැක්වූ කරුණු දැක්වීම සලකාබැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇත.

Read More

අද (12) දිනයේ දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහිද කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පවසයි. එසේම දෙසැම්බර් 13 වනදා සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අසනීප නිවාඩු වාර්තා කිරීම එක්දිනකින් අවසන් නොකරන බවද එම වෘත්තීය සමිති එහිදී රජයට අනතුරු ඇඟවීය.

Read More

2022 වසරේ අරගලය පැවති සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයට එරෙහිව විරෝධතාවයක නිරතවීමට සූදානම් වූ නීතිඥවරුන්ට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පොලීසිය සහ යුද හමුදාව ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරු වෙත සිය කණගාටුව පළකර සිටියහ. එම විරෝධතාවයට සහභාගි වූ නීතිඥවරු 11 දෙනෙකු විසින් ගොනුකළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි. මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල…

Read More

ජනාධිපතිවරයා අත්තනෝමතිකව ව්‍යවස්ථා සභාවේ කටයුතුවලට මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල කොදුනාරටිය ව්‍යවස්ථා සභාව බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (11) පැවසීය. මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට රතු එළි දල්වා ඇති බව කී මහාචාර්යවරයා මැතිවරණ කාලසීමා තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු යැයි ජාත්‍යන්තරයෙන් දන්වා ඇති බව ද සඳහන් කළේය.

Read More

ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම ආරාමය මාර්ගයේ ගමන් කරමින් සිටි මවකට සහ ඇයගේ පුතුට අද පෙරවරුවේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ. පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ කාන්තාව 55 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ පුත්‍රයා 25 හැවිරිදි වියේ පසුවෙයි. පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අසල්වැසියන් සමඟ පැවති ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවය. දෙපාර්ශ්වය අතර පවතින ආරවුලකට අදාළ පැමිණිල්ලක් අද ඇල්පිටිය පොලිස් ස්ථානයේදී විභාග කිරීමට ඔවුන් කැඳවා තිබූ පසුබිමක මෙම පහරදීම සිදුකර තිබේ.

Read More

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිනපතා පැමිණෙන මහරගම නගරයේ පොදු වැසිකිළි පද්ධතිය නිසි නඩත්තුවක් නොමැති වීමෙන් පසුගිය දින කිහිපය පුරා උතුරා යමින් තිබූ බව වාර්තා විය. දිගු කාලයක සිට පවතින මෙම ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටී. ඉතා ජනාකීර්ණ නගරයක් වන මහරගම දිනපතා විශාල පිරිසක් සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා පැමිණෙන නගරයකි. මේ එලෙස නරගයට පැමිණෙන ජනතාවට සිය ශාරිරික අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ඉදිකර ඇති පොදු වැසිකිළි පද්ධතිය ඉතාමත් අපිරිසිදු තත්ත්වයක පවතින බව ජනතාව චෝදනා කරයි. වසර කිහිපයකට ඉහතදී රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය කරමින් මෙම වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කර තිබුණත් නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් වැසිකිළි පද්ධතිය භාවිතය අපහසු වී…

Read More

2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණි. පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කථානායකවරයා විසින් ඡන්දය විමසීමට එළැඹුණි. එහිදී පක්ෂව ඡන්ද 92ක්, විපක්ෂව ඡන්ද 41ක් සහ එක් අයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

Read More

රට පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වගකීම බාරගෙන ඒ සඳහා වන්දි ගෙවිය යුතු බව හිටපු විදුලි බල අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දඹුල්ලේදී පැවසීය. පාඨලී චම්පික රණවක මහතා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ දඹුල්ල බල මණ්ඩල රැස්වීමේ ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කළේය. විදුලි බල මණ්ඩලය පාඩුවීමක් නැති බවත් මේ වන විට ලාභ ලබන ආයතනයක් බවත් කිසිදු ආකාරයකින් විදුලිය රටපුරා විසන්ධි වීමට ඉඩක් නැති බව පැවසිය. පසුගිය කාලයේ විදුලිය මිල ඉහළ දැමීම සිදු නොකළ යුතු බව දැනුම් දී තිබුනද වැඩි කිරීම නිසා මේ වන විට අර්බුද හට ගෙන තිබෙන බවද…

Read More

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය. පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (10) දින හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි. මාධ්‍යට අදහස් දක්වමින් පලනි දිගම්බරම් මහතා කියා සිටියේ, ආර්ථික අර්බුධය නිසා ජනතාව දැඩි අපහසුවෙන් ජිවත් වෙන්නේ, වැට් බද්දත් 3% කින් වැඩි කරලා. රාජ්‍ය සේවකයින්ට රු දස දහසක දිමනාවක් දුන්නට කිරිපිටි පැකට් එකේ ඉදලා සියළු දේම මිල වැඩියි. ජනාධිපතිවරයා කියනවා ලබන අවුරුද්දේ ඔක්තොම්බර් මස මැතිවරණයක් තියෙනවා කියලා , ඒක ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ජනාධිපතිවරණයත් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා මොකද ඔහු සමග සුළු පක්ෂ සියල්ලම ඉන්නවා. පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට…

Read More