Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිය බිඳ වැටීමට වන්දි ගෙවිය යුතුයි
    Featured

    විදුලිය බිඳ වැටීමට වන්දි ගෙවිය යුතුයි

    By LFNDecember 11, 2023No Comments3 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වගකීම බාරගෙන ඒ සඳහා වන්දි ගෙවිය යුතු බව හිටපු විදුලි බල අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දඹුල්ලේදී පැවසීය.

    පාඨලී චම්පික රණවක මහතා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ දඹුල්ල බල මණ්ඩල රැස්වීමේ ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් මේ බව සඳහන් කළේය.

    විදුලි බල මණ්ඩලය පාඩුවීමක් නැති බවත් මේ වන විට ලාභ ලබන ආයතනයක් බවත් කිසිදු ආකාරයකින් විදුලිය රටපුරා විසන්ධි වීමට ඉඩක් නැති බව පැවසිය.

    පසුගිය කාලයේ විදුලිය මිල ඉහළ දැමීම සිදු නොකළ යුතු බව දැනුම් දී තිබුනද වැඩි කිරීම නිසා මේ වන විට අර්බුද හට ගෙන තිබෙන බවද හෙතෙම පෙන්වා දුන් අතර මේ වන විට රටපුරා විදුලි පාරිභෝගිකයන් ලක්ෂ පහමාරකගේ පමණක් විදුලිය විසන්ධි කොට තිබෙන්නේ විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසාවෙන් බව හෙතෙම පෙන්වා දුන්නේය.

    දෙසැම්බර් මාසයේ රුපියල් මිලියන විසිපහක පමණ ලාභයක් විදුලිබල මණ්ඩලය ලැබෙන බවද චම්පික රණවක මහතා සඳහන් කළේය. සමස්ත ලාභය මිලියන පනහ ඉක්මවා යන බව ද පෙන්වා දුන්නේය.

    මහජන උපයෝගීතා කොමිසම පත් කොට ඇත්තේ මහජනතාවගේ වේදනාව පීඩනය පිළිබඳව පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට බවත් එහෙත් එය රබර් සීල් එකක් බවට පත්ව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.

    මෙම තත්ත්වය අනුව මහජන උපයෝගීතා කොමිසමද ඉල්ලා අස්විය යුතු බවද පෙන්වා දෙන ඒ මහතා කියා සිටියේ ඔවුන් නඩත්තු කිරීමද ප්‍රශ්නයක් බවය. විධිමත් පරීක්ෂණ පවත්වනවා කියන ප්‍රකාශ පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් මීට පෙරද එවැනිම පරීක්ෂණ වාර්තා සිදුකොට ඔවුන්ගේ වගකීම ඉටුකර නැතැයි ද පෙන්වා දුන්නේය.

    පසුව මාධ්‍යවේදීන් හිටපු විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තු නියෝජනය කරන සහ කරපු දේශපාලන කණ්ඩායම් විදුලි බිල ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේ ද යන්නය.

    ඊට පිළිතුරු දුන් චම්පික රණවක මහතා කියා සිටියේ පාර්ලිමේන්තු නිල නිවාසවල හිටපු අයට යම් යම් චෝදනා එල්ල වී ඇති බවත් සමහර අමාත්‍යංශ වලින් ගෙවීමට තියන ඒවා නිසා අමාත්‍යංශ ආණ්ඩුව වගකීමක් බව සඳහන් කළේය.

    විදුලිය බිඳ වැටීම තුළ වන්දි ගෙවිය යුත්තේ පාරිභෝගික ජනතාව ස්ථාවර ගාස්තුවක් ගෙවා ඇති නිසාවෙන් බවද ස්ථාවර ගාස්තු ලෙස අය කරනු ලබන්නේ විදුලිය ලබාදෙන බවට පොරොන්දුව සහ විශ්වාසය මත ගන්නා මුදලක් බවද එම මුදල ලබා ගන්නේ නම් වහාම එයට වන්දි ගෙවිය යුතු බවය.

    බදු මුදල් පැනවීම යටතේ ලබන ජනවාරි මාසයේ සිට කිරි දරුවාගේ සිට සෑම අයෙකුගෙන්ම රුපියල් තිස් දහසක මුදලක් බදු වශයෙන් ලබා ගැනීමට රජයන් ක්‍රියාත්මක බවද පෙන්වා දෙන ඒ මහතා ජනතාව 2019 වසරේ ගත් තීන්දුව නිසා දැනටමත් රුපියල් ලක්ෂයකට අධික මුදලක් ජනතාවට අහිමි වී තිබෙන ඉදිරියේදී අයකරන බදු මුදල් සමඟ එක පුද්ගලයෙකු හට රුපියල් ලක්ෂ දෙකක මුදලක් අහිමි වී තිබෙන බවද පෙන්වා දෙන ඔහු කියා සිටියේ ඡන්දය ලබා දීමේදී ජනතාව බුද්ධිමත් විය යුතු බවය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බිලියන දහසක මුදලක් අය කරගෙන නොමැති බව පෙන්වා දුන්නේ එයින් බිලියන 179 ක් වහාම එකතු කර ගැනීමට හැකි ඒවා බවද සුරා බදු වලින් බිලියන හය හමාරක් කෝටි 650 අය කරගෙන නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙන්ම රේගුව මගින් කෝටි පන්දාස් අටසීයක මුදලක් අය කරගෙන නැති බව හෙළිදරව් කළේය .එසේ බදු අය කර ගැනීමකින් තොරව අහිංසක ජනතාවගෙන් බදු ලබා ගැනීම සදාචාරාත්මක අයිතියක් නැති බව ඒ මහතා සඳහන් කළේය.

    රට බංකොලොත් කළ පිරිස පිළිබඳව අධිකරණයෙන් ලබා දුන් තීන්දු අනුව ජනතාවගෙන් නොව එම කණ්ඩායමෙන් මුදල් අය කළ යුතු බවයි පෙන්වා දීම විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.