Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු මාරයා යළි හිස ඔසවයි
    Featured

    ඩෙංගු මාරයා යළි හිස ඔසවයි

    By LFNDecember 12, 2023No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට තුළ ඩෙංගු ව්‍යාප්තිය උග්‍ර කරමින් වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඉන් අඩක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි.

    පවතින අධික වැස්ස සමග රටපුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

    වසරේ මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47කි.

    සමස්ත රෝගීන්ගෙන් 46.4%ක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි.

    ඒ අනුව රෝගීන් 16,948ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්, රෝගීන් 15,419 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ රෝගීන් 4,849ක් කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

    රට පුරා දිස්ත්‍රික්ක රැසක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පවසයි.

    මතුවී ඇති එම අවදානම්සහගත තත්ත්වය මැද කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ හා මැද කොළඹ ආවරණය වන පරිදි කොළඹ මහ නගර සභාව විශේෂ ඩෙංගු මර්දන හා ජනතාව දැනුවත් කිරීමේ සතියක් අද ආරම්භ කළේය.

    මේ යටතේ කණ්ඩායම් 40ක් විසින් එම ප්‍රදේශවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පොදු ස්ථාන, පාසල්, ආගමික ස්ථාන ඇතුළු පරිශ්‍ර පරීක්ෂාවට ලක්කෙරුණි.

    මේ සඳහා කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරු, සෞඛ්‍ය පරීක්ෂකවරු, ඇතුළු නිලධාරීන්, පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව සිටියේය.

    ඒ අනුව අද ස්ථාන 1723ක් පරීක්ෂාවට ලක්කෙරුණු අතර, ඉන් 261ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙසත්, තවත් ස්ථාන 28ක් මදුරු කීටයින් සිටින ස්ථාන ලෙසත් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව ස්ථාන 241කට රතු නිවේදන නිකුත් කෙරුණු අතර, ස්ථාන 26ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.