Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»දියවන්නාවේදී දියකර දැමූ දැවැන්ත සල්ලි කන්ද
    Political

    දියවන්නාවේදී දියකර දැමූ දැවැන්ත සල්ලි කන්ද

    By LFNDecember 11, 2023No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (10) පාර්ලිමේන්තුව රැස් වුණේ, මේ මොහොතේ රටම කතාවෙන එකතු කළ අගය මත හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමටය.

    කෙසේ වෙතත් ගණපූරණය නොමැති වීමෙන් එම විවාදය නවත්වා පාර්ලිමේන්තුව අද දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයාට සිදුවිය.

    ජනතාවට සංවේදී කාරණයක් වූ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංවාදයට ලක් කිරීම සඳහා මෙරට සිටින දෙකෝටි විසි ලක්ෂයක් වූ පුරවැසියන් අතුරෙන්, පුරවැසියා විසින් ම තෝරා පත් කරගනු ලැබුණු මහජන නියෝජිතයෝ 225ක් දෙනෙක් සිටිති.

    එකී දුලබ අවස්ථාව පුරවැසියා විසින් ඔවුනට ලබා දී ඇත්තේ, නියෝජිතයන් රාජ්‍යයට හා පුරවැසියාට යහපත් යමක් කරනු ඇති බවට යන චේතනාවෙනි.

    එක් දිනක පාර්ලිමේන්තුව පැවැත්වීම උදෙසා වැය වන මහජන මුදල රුපියල් කෝටියකට ආසන්න වේ.

    සුඛෝපභෝගී වාහනවලින්, රජයෙන් ලැබෙන ඉන්ධනවලින් හා ආරක්ෂකයන් ද පිරිවරාගෙන සැපවත් ගමනකින් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට එන්නේ, සැබැවින් ම මහජන අභිලාෂයන් සාධනය කිරීම උදෙසා ද? එය බරපතළ ප්‍රශ්නාර්ථයකි.

    මීට පෙර ද පාර්ලිමේන්තුවේ නියෝජිතයින් හැසිරෙන හැටි අපි දැක ඇත්තෙමු.

    සෙංකෝලය උස්සන් දිවූ මහජන නියෝජිතයන් අපි දුටුවෙමු.

    පාර්ලිමේන්තුවට මිරිස් කුඩු රැගෙන ආ නියෝජිතයන් අපි දුටුවෙමු, පාර්ලිමේන්තු බිමේ පොරබදමින් පෙරළි පෙරළී මල්ලවපොර තරග පෙන්වූ නියෝජිතයන් ද අපි දුටුවෙමු, රාජ්‍යයේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුව මහජන නියෝජිතයන් විසින් අමු අමුවේ කෙලෙසූ අවස්ථාවල ලැයිස්තුව නම්, ලියා හමාර කළ නොහැකි තරමට ම අතිදීර්ඝ එකකි.

    ඊයේ සිදු වූ සිදුවීමෙහි විශේෂත්වය වන්නේ, වැදගත් ම විවාදයක් පවතින අතරවාරයේ ගණපූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවීමයි.

    ආහාර, ඉන්ධන, ප්‍රවාහන දීමනා, මන්ත්‍රී දීමනා, විදුලිය, ආරක්ෂාව, පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ වියදම් ආදී වියදම් සියල්ල ම දරන්නේ මෙරට බදු ගෙවන ජනතාව ය.

    ඒ කිසිවක් ගැන නොසිතා මහජන නියෝජිතයන් මෙසේ, පාර්ලිමේන්තුව අම්බලමක් කර ගැනීම පුරවැසියා විසින් කියවා ගත යුත්තේ කෙසේ ද? එය ද ඊයේ සුවිශේෂ දිනයක වීම අරුමයකි.

    උදෑසන සැසිවාරයේ පාර්ලිමේන්තුව තුළ සිටි මන්ත්‍රීවරුන් ඊළඟ සැසිවාරය තුළ පාර්ලිමේන්තුවේ අසුන් නො ගත්තේ ඇයි? එය ඔවුන් තුළ ඇති වගකීම් විරහිත භාවයද නැතහොත් වැට් බදු පනත ට දැක්වූ විරෝධයක් දැයි දන්නේ ඔවුන් පමණි.

    රුපියල් කෝටියක් නම් මොකක් ද වැනි සරල හැඳින්වීමකින් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව අමතක කර දැමුවා ද? අවසාන වශයෙන් පැවසිය යුත්තේ, මහජන මුදල් නාස්ති කරමින් මෙසේ නියෝජිතයන් හැසිරීම පුරවැසියා විසින් සරල කාරණයක් ලෙස ගෙන නො සිටිය යුතු බව ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202603 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.