Author: LFN

සීෂෙල්ස් රාජ්‍යයේ සිදුවූ විශාල පිපිරීමක් හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. වැඩිදුරටත් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකරන්නේ එරට කර්මාන්ත කලාපයක ඇති පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති බවටය. මේ හේතුවෙන් දැඩි අලාභහානි සිදුව ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Read More

අනුරාධපුර ඓතිඑහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) K.A.D.Rනිශාන්ති ජයසිංහ මහත්මිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ. කලාප භාර පුරාවිද්‍යා නිළධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාව සිදුකර අතර එම වාර්තාවට අනුව මේ බව සනාථ වී ඇති බව ඇය එම නිවේදනයෙන් දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව උන්වහන්සේ පවසා ඇත්තේ “විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයකට සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළේය..”…

Read More

තරුණයෙකු අතින් දූෂණයට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස සියදිවි හානිකරගත් පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තාවිය. එම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් 20 හැවිරිදි වියේ පසුවන සැකකාර තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නෙතූ හසරංගි නමැති ශිෂ්‍යාවකි. තොරතුරු අනාවරණය වී ඇත්තේ මුහුණුපොත හරහා දින හතරකට පෙර හඳුනාගන්නා තරුණයෙකු ඇයව ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස් බදුල්ල රිදීපාන සරුංගල් කන්ද ප්‍රදේශයට රැගෙනගොස් දූෂණයට ලක්කර ඇති බවය. අනතුරුව මෙම අපරාධය පිළිබඳව තමන්ගේ මිතුරියන් දෙදෙනෙකුට සහ මවට කෙටි පණිවුඩයකින් දැනුම්දී තිබේ. අනතුරුව නිවසට පැමිණි පාසල් දැරිය සිය මිත්තණියගේ අධි…

Read More

රට තුළට රැගෙන ඒමට සූදානම් කර තිබූ පාර්සල කිහිපයක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (07) සිදුකළ මෙහෙයුමකදීය. කුෂ් මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් එහි තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන ඇත. වැඩිදුරටත් වාර්තා වෙන්නේ එම මත්ද්‍රව්‍ය අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලින් පැමිණෙන්නට ඇති බවය. කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති අඩංගු පාර්සල් 7ක් එලෙස එවා තිබේ.

Read More

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මෙම ක්‍රමවේදය හරහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මහාභාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම දීර්ඝ කිරීම කටයුතු සිදුකිරීමට බාධා එල්ලවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

කොළඹ නෙළුම් කුලුනේ කැරකෙන අවන්හල දෙසැම්බර් 09වැනිදා යළි විවෘත කෙරේ. දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල වන මෙම අවන්හල දෙස් විදෙස් බොහෝ දෙනෙකුට නවමු අත්දැකීමක් ලබා දෙනු ඇත. මෙම අවන්හල තුළ එක් වරකදී 225ත් – 250ත් අතර පිරිසකට රැඳී සිටීමේ හැකියාව පවති.එය (09) වැනිදා රාත්‍රී 7.30ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන බව ආයෝජන ප්‍රවර්’ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන් කරයි. මෙම අවන්හල දිවා සහ රාත්‍රි ආහාර පාන ලබා ගැනීම වෙනුවෙන් විවෘත වේ. ඒ අනුව දිවා ආහාරය සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 3.30 දක්වාත් රාත්‍රි ආහාරය සඳහා පස්වරු 6.30 සිට රාත්‍රි 11.30 දක්වා ද කැරකෙන අවන්හල විවෘතව තැබේ.

Read More

2009 ඔක්තෝම්බර් 02 වැනිදා මන්නාරම,පරප්පුකන්ඩාල් යුද හමුදා කඳවුර තුළදී යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තවත් යුද හමුදා සාමාජිකයෙකුට ඊයේ (06) මන්නාරම මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කළේය. මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. එම්. මිහාල් මහතා විසින් එම තීන්දුව ලබාදුන්නේය. මරණය දණ්ඩනය නියම වු හිටපු යුද හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව,තවත් අයෙකු තුවාල ලබා තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය මන්නාරම, මුරුන්කන් පොලීසිය හරහා ගොනුකොට තිබු අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් වසර 14 වසරකට පසුව සැකකරු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කර තිබේ. වයස අවුරුදු…

Read More

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (06) සිදු කරන ලද මෙහෙයුමකින් යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර (04) සහ එහි සිටි ඉන්දීය ධීවරයන් විසි එක් දෙනා තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිත ව තිබේ.

Read More

ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මක නායකයින් අතර කැපී පෙනෙන චරිතයක් වන උතුරු කොරියානු නායක Kim Jong Un කඳුළු සළන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සිය රටේ උපත් අනුපාතය ගැන සඳහන් කරමින් සිදුකළ කතාවක් අතරතුර ඔහු මෙලෙස හඬාවැටුණු බවය. එම අවස්ථාවේදී Kim Jong Un ඉල්ලා සිට ඇත්තේ උතුරු කොරියානු කාන්තාවන්ට තවත් දරුවන් බිහිකරන ලෙසටය.

Read More

යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡාවලට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මෙම සාකච්ඡා ඔක්තෝබර් මස 30 වන දින සිට නොවැම්බර් මස පළමු වනදා දක්වා කොළඹදී පැවති අතර එහිදී ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම දෙපාර්ශ්වයේ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන් ය. ඒ අනුව 13 වන වටයේ සාකච්ඡා ජනවාරි මස 08 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වීමටත් තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මාර්තු මාසය වනවිට පැවැත්වීමටත් දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණ ඇත. ඒ අනුව, 12 වන වටයේ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන්…

Read More