Author: LFN
වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පැවසීය. මෙරටට පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් එක්ලක්‍ෂ පනස් එක්දහස් හාරසිය අනූහයක් (151,496) පැමිණි බවත් එම සංඛ්‍යාව 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව බවත් එම අධිකාරිය පවසයි මෙම වසර ගතවූ මාස 11 තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 13 කට ආසන්න සංඛ්‍යාවක් (1,276,951) මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය
ලිංගික අල්ලසක් හෝටලයක් තුළ ලබාගනිමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ. අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත් කල්මුණේ මුලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. කල්මුණේ, වරිපතනම් චේන ප්‍රදේශයේ කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. පැමිණිලිකාරියට එරෙහිව කල්මුණේ අධිකරණයේ පවරා තිබෙන නඩු කටයුත්තක දී පැමිණිලිකාරියට වාස වන අන්දචමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, සතියකට වරක් පොලිස් ස්ථානයේ අත්සන් කිරීමට ඇති අධිකරණ නියෝගය මසකට වරක් දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සලසාදීම…
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන තිබේ. අද (06) උදෑසන 6.30ත් 7ත් අතර මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මියගිය උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි වියේ පසුවන්නෙකි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය ඊයේ (05) පරාජයට පත්ව තිබේ. වැඩි ඡන්ද 9කින් මෙලෙස ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය පරාජයට පත්ව ඇත. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් අයවැය යෝජනා සභාව වෙත ඉදිරිපත් කර තිබුණි. උප සභාපතිවරයා ප්‍රමුඛ පාලක පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මෙවර අයවැයට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීම මෙහි තවත් විශේෂත්වයකි. මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත. පොදුජන පෙරමුණ නියෝජනය කරන පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ…
පාසල් වයසේ සිසුන්ව ඔවුන්ගේ සමීපතමයන් මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කරවාගැනීම් මේ වනවිට සිදුවන බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ. ඒ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකදී පොලීසිය කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ. මීට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය. කොළඹ පිහිටි පාසලක ඉගෙනුම ලබන එකොලොස් හැවිරිදි පිරිමි දරුවකු පසුගිය දිනක පාසලේ ගුරුවරයෙකුගේ මුදල් පසුම්බියෙන් රුපියල් 1300ක මුදලක් සොරකම්කර තිබුණි. ඒ අනුව පාසලේ විදුහල්පතිවරයා විසින් දරුවාට දින 14ක පංති තහනමක් පනවා ඇති අතර, දරුවාගේ මවට දැනුම්දී ඇත්තේ පොලීසිය හරහාද මේ පිළිබඳව දරුවාට අවවාද කරන ලෙසය. අනතුරුව දරුවාගේ මව දරුවා මුල්ලේරියාව…
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලූ බව කියන ‘මල්වත්තේ අමිල’ නමැත්තා ඇතුළු තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී යින් මත්කුඩු ග්‍රෑම් 22 යි මිලිගෑම් 970ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිගෑම් 940ක් සහ කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් ස්මාර්ට් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ගෙන තිබේ. සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 රැඳවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කොල්ලකන ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇත. ඒ අනුව පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කිසියම් කණ්ඩායමක් විසින් වංචා සහගතව එම බැංකුවලින් ලබාගැනීමේ වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට තොරතුරු හෙළිවී ඇත. එබැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත දැනුම්දී තිබුණි. පිළිකා රෝගයෙන් පීඩාවිඳින කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙනුවෙන් රාජ්‍ය බැංකුවකට බැරවූ රුපියල් ලක්ෂ 38ක මුදලක් කිසියම් පිරිසක් විසින් ඔහුගේ බැංකු ගණුමෙන් වංචා සහගතව ලබාගැනීමේ සිද්ධියකට අදාළව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව…
බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටියේ ලොරිස් පාරේ ප්‍රදේශයක මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන ගොස් තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23, 25, 26 යන වයස්වල පසුවන පුවක්පිටිය, පල්ලෙවෙල, දෙමටගොඩ, පොළොන්නරුව සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ 24 හැවිරිදි කාන්තාවක් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් අතර පසුව ඇයව ඇප මත මුදාහැරුණි. සැකකාරිය ඊයේ (05) අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත…
බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුවෙන් අද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑම් එල්ල වුණා. සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති මරණ ගණන 9කි. බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිත පෙදෙස්වලට එල්ල වන්නේ දැඩි බලපෑමකි. පැයට කිලෝමීටර 90ත් 100ත් අතර සුළගේ වේගයක් වාර්තා කරමින් මිජවුම් සුළි කුණාටුව අද ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් රට තුළට ඇතුළුවී තිබුණි. එහි බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් නගර ජලයෙන් යටවිය. ඉදිරි පැය 24 තුළ ආන්ද්‍රා ප්‍රාන්තයෙන් මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වනු ඇතැයි අපේක්ෂිතය. ආන්ද්‍රා ප්‍රදේශ් සහ…