Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චණ්ඩ සුළි කුණාටුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට දැඩි බලපෑම්
    International

    චණ්ඩ සුළි කුණාටුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට දැඩි බලපෑම්

    By LFNDecember 6, 2023No Comments1 Min Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුවෙන් අද ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑම් එල්ල වුණා.

    සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති මරණ ගණන 9කි.

    බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිත පෙදෙස්වලට එල්ල වන්නේ දැඩි බලපෑමකි.

    පැයට කිලෝමීටර 90ත් 100ත් අතර සුළගේ වේගයක් වාර්තා කරමින් මිජවුම් සුළි කුණාටුව අද ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් රට තුළට ඇතුළුවී තිබුණි.

    එහි බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් නගර ජලයෙන් යටවිය.

    ඉදිරි පැය 24 තුළ ආන්ද්‍රා ප්‍රාන්තයෙන් මිලිමීටර 200 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වනු ඇතැයි අපේක්ෂිතය.

    ආන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩු ප්‍රාන්තවල පහත් බිම්වල වාසය කරන දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටද බලධාරීන් කටයුතු කර තිබුණි.

    ඔවුන් වෙනුවෙන් සහන කඳවුරු 300ක් සූදානම් කර ඇතැයි සඳහන්ය.

    මේ අතර, අධික වැස්සෙන් ප්‍රාන්තයේ දෛනික කටයුතු ඇනහිටීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට ඊයේ දිනක නිවාඩුවක් ලබාදී තිබුණි.

    එය තවත් දිනකින් දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

    මේ අතර, මිජවුම් සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි නගරයට ඇදහැලුනු වර්ෂාව මේ වනවිට අඩුවෙමින් පවතී.

    නගරයට ඇදහැලුනු වර්ෂාව වාර්තා අතරට එක් වූයේ වසර 80කින් පමණ පසු නගරයෙන් වාර්තා වූ ඉහළම වර්ෂාපතනය ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.