Author: LFN

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Read More

දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අධිකරණ ක්‍රියාවලිය අවභාවිතයට ලක් කරමින් උපාධිධාරී සංවර්ධන නිලධාරින් පිරිසක් ගොනුකර ඇති නඩුකර හේතුවෙන් එම පුරපාඩු පිරවීමේ කටයුතු වලට බාධා පැමිණ තිබෙන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පාසල්වල අධ්‍යාපනය මට්ටම අඩාළ වීමේ අවදානමක් මතුව ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. රජයේ පාසල් වල රාජකාරි කරන උපාධිධාරී සංවර්ධන නිලධාරින් සිටියදී විභාග පවත්වා ගුරු පුරප්පාඩු පිරවීමට පලාත් අධ්‍යාපන අමාත්‍යංශය කීපයක් ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක් කරමින් පලාත් අධ්‍යාපන අමාත්‍යංශ යටතේ…

Read More

රුපියල් 5,000ක මුදලකට වාහන ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ බව කියන තැරව්කාර පුද්ගලයකු මෙම මස 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (4) නියෝග කළේය. මහල් නිවාස, ස්ටේට් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණි. ත්‍රිරෝද රථයකින් මාළිගාවත්ත ප්‍රදේශයට දිනපතාම පැමිණ ඇති මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ වාහනවලින් යන එන පුද්ගලයන් පිළිබඳව විමසිලිමත් වෙමින් ඔවුන්ට රුපියල් 5,000 ක මුදලකට ව්‍යාජ ආදායම් බලපත්‍ර සකස් කරදී ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකාර පුද්ගලයා වාහන සඳහා ව්‍යාජ ආදායම් බලපත්‍ර සකස් කරන බවට රත්මලාන ගුවන් හමුදා කඳවරේ බුද්ධි අංශ නිලධාරියෙකුට දැනගැනීමට ලැබී ඇති බවත්…

Read More

අධිකරණයේ නඩු භාණ්ඩ අස්ථානගතවීම් සම්බන්ධයෙන් සොයාබලා නීතීය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. “කුඩු සාම්පල් අධිකරණය භාරයේ තිබුණු ඒවා. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ, පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ ණඩු භාණ්ඩ ගබඩාවල තියෙන ඒවා එළියට ගිහිල්ලා. මේවා නිලධාරීන්ගේ සම්බන්ධයක් නැතුව කවදාවත්ම කරන්න බෑ. ඒවා වෙළෙඳපොළට එන ප්‍රශ්නය තියෙනවා. ඒ නිසයි අපි විෂ මත්ද්‍රව්‍ය පනතට සංශෝධනයක් ගෙනාවේ. අවශ්‍ය සාම්පලය විතරක් තියාගෙන. ඒක සුදුසු ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ සුදුසු තැනක තියලා. මහාපරිමාණයෙන් ග්‍රෑම් 5ට වැඩිය තියෙන ඒවා වාර්තා ලැබුණු විගස ඒවා විනාශ කිරීම සඳහා අවසර දීලා නීතිය සම්මත…

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක්කර ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ඇති බවට නීතිපතිවරයා ඊයේ (04) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ. ජීවිත තර්ජනයකට මුහුණපා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද කැඳවා තිබූ අතර එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා මෙම දැනුම්දීම සිදුකර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවනු…

Read More

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති. එමෙන්ම පෙර පාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යේෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇත. පහ ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර ඇති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරීත්වය නැති කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.…

Read More

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, ඊයේ (04) රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවතුණි. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (05) උදෑසන 11.30 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය…

Read More

ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇති බව වාර්තා වෙයි. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකිය. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මිජවුම්’ සුළි කුණාටුව හේතුවෙන් නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. මේ අතර, “මිජවුම්” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ සහ බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් තිබුණ ද එහි…

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පුත්‍රයාට රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඩයක් නියම කිරීමේ පුවතක් වාර්තා වුණි. අදාළ තරුණයා මහනුවර බලා ගමන් කරමින් සිටියදී ගලගෙදර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ දැරීමේ දී සුදු ඉර කැපීම හේතුවෙන් එලෙස රථවාහන දඩයකට ලක්ව තිබේ. මෙහිදි ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා වරද පිළිගෙන ඇති අතර, ඔහුට දඩ කොළයක් ලබාදීමට රථ වාහන පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත. එහිදී අමාත්‍යවරයාගේ පුත්‍රයා දඩ කොළය ගෙවීමට ආසන්නතම තැපැල් කාර්යාලය කුමක් දැයි විමසා ඇත. එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී තමා ටිරාන් අලස් අමාත්‍යවරයාගේ පුත්‍රයා බව ඔහු දන්වා තිබේ. පසුව කලබලයට පත් වූ පොලිස්…

Read More