Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුරුවරු 40,000ක් අඩුවෙයි
    Featured

    ගුරුවරු 40,000ක් අඩුවෙයි

    By LFNDecember 5, 2023No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    අධිකරණ ක්‍රියාවලිය අවභාවිතයට ලක් කරමින් උපාධිධාරී සංවර්ධන නිලධාරින් පිරිසක් ගොනුකර ඇති නඩුකර හේතුවෙන් එම පුරපාඩු පිරවීමේ කටයුතු වලට බාධා පැමිණ තිබෙන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කර ඇත.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පාසල්වල අධ්‍යාපනය මට්ටම අඩාළ වීමේ අවදානමක් මතුව ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    රජයේ පාසල් වල රාජකාරි කරන උපාධිධාරී සංවර්ධන නිලධාරින් සිටියදී විභාග පවත්වා ගුරු පුරප්පාඩු පිරවීමට පලාත් අධ්‍යාපන අමාත්‍යංශය කීපයක් ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක් කරමින් පලාත් අධ්‍යාපන අමාත්‍යංශ යටතේ පාලනය වන පාසැල් වල ඉගැන්වීම් කටයුතු සිදු කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

    එම පෙත්සම් 06 ක් ඊයේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කියා සිටියේය.

    මෙම පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කඳවනු ලැබීය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ පාසල් වල සේවය කරන සංවර්ධන නිලධාරින් සිටියදී ඔවුන් ගුරුසේවයට අන්තර්ග්‍රහණය නොකොට පිටස්තර බඳවා ගැනීම් සිදු කිරීම තුළින් පෙත්සම්කරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවය.

    මීට ඉහත ද උපාධිධාරී සංවර්ධන නිලධාරීන් සම්මුඛ පරීක්ෂණ හා විභාග වලින් තොරව ගුරු සේවයට ඇතුළත් කරගෙන තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.

    දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එවා නිෂ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.