Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් සල්ලි සොරාගන්න හැටි හෙළිවෙයි
    Featured

    පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් සල්ලි සොරාගන්න හැටි හෙළිවෙයි

    By LFNDecember 6, 2023No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කොල්ලකන ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇත.

    ඒ අනුව පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කිසියම් කණ්ඩායමක් විසින් වංචා සහගතව එම බැංකුවලින් ලබාගැනීමේ වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බවට තොරතුරු හෙළිවී ඇත.

    එබැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත දැනුම්දී තිබුණි.

    පිළිකා රෝගයෙන් පීඩාවිඳින කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙනුවෙන් රාජ්‍ය බැංකුවකට බැරවූ රුපියල් ලක්ෂ 38ක මුදලක් කිසියම් පිරිසක් විසින් ඔහුගේ බැංකු ගණුමෙන් වංචා සහගතව ලබාගැනීමේ සිද්ධියකට අදාළව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව මෙම කරුණු හෙළිවූ බවද එම අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

    අදාළ පිළිකා රෝගීන් මුදල් ඉල්ලා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලද ඉල්ලීම් කෙරෙහි ප්‍රතිචාර දක්වන එම වංචනික පුද්ගලයින් කණ්ඩායමක් එම පිළිකා රෝගීන්ට මූල්‍ය ප්‍රතිලාභ එකතු කරදෙන බව පවසා එම රෝගීන්ට අදාළ බැංකු ගිණුම් අංකයන්, ජාතික හැඳුනුම්පත් අංකයන්, දුරකථන අංකයන් ලබාගන්නා බවට තොරතුරු හෙළිවී ඇති බවද එම කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

    එම තොරතුරු ලබා ගන්නා පුද්ගලයන් මෙරට ප්‍රසිද්ධ දුරකථන සමාගමක් වෙත ගොස් ඉහතකී තොරතුරුවලට අදාළව නව සිම්පත් ලබාගන්නා බවත් එසේ ලබාගත් සිම්පත් භාවිත කරමින් එම රෝගීන්ගේ බැංකු ගිණුම්වලට පරිගණක තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ඇතුල්වී එම ගිණුම්වල තිබෙන සියලු මුදල් වංචනිකව ලබාගන්නා බවට කරුණු හෙළිවී ඇති බවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම කොට්ඨාසය අධිකරණය හමුවේ පැවසීය.

    කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පිළිකා රෝගියාගේ බැංකු ගිණුමේ තිබූ මුදල් වංචනිකව සොරා ගත් කණ්ඩායමේ එක් පුද්ගලයකු මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම කොට්ඨාසය අධිකරණයට දැනුම්දී තිබේ.

    මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අදාළ දුරකථන සමාගමෙන් හා රාජ්‍ය බැංකුවකින් වාර්තා ලබා ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙසට එම කොට්ඨාසය කළ ඉල්ලීමකට අධිකරණයෙන් අවසර හිමි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.