Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»CT ස්කෑන් යන්ත්‍ර පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්
    Featured

    CT ස්කෑන් යන්ත්‍ර පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    By LFNDecember 7, 2023No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කුරුණෑගල රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

    එමෙන්ම වසර 15කට වඩා පැරණි සීටී ස්කෑන් යන්ත්‍ර 03ක් වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර 03ක් කොළඹ ජාතික රෝහලට, කරාපිටිය ශික්ෂණ රෝහලට සහ මාතර දිස්ත්‍රික් රෝහලට ලබාදීමට පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

    මේ අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අක්‍රියව ඇති සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය අමතර කොටස් මෙරටට ගෙන්වා ඇතත් ඒවා නිදහස් කිරීමට රේගුව මෙතෙක් පියවර ගෙන නැතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

    එමෙන්ම කළුතර සහ හම්බන්තොට රෝහල්වල සීටී ස්කෑන් යන්ත්‍රද මේ වනවිට බිඳ වැටී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

    මෙරට රජයේ රෝහල්වල පවතින ස්කෑන් යන්ත්‍රවල බිඳවැටීම් පිළිබඳ පසුගිය කාලය පුරාම රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කරුණු අනාවරණ කළේය.

    ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ කුරුණෑගල ශික්ෂණ රෝහල, කළුතර මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර 04ක් ද මේ වනවිට බිඳ වැටී ඇති බවයි.

    ඒ හේතුවෙන් සීටී ස්කෑන් පරීක්ෂණ සිදු කිරීමට රෝගීන් වෙනත් රෝහල් වෙත යොමුකිරීමට සිදුවීමෙන් විශාල මුදලක් දැරීමට සිදුවන බවත් එම සංගමය පෙන්වා දෙයි.

    එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ බිඳවැටී ඇති සීටී ස්කෑන් යන්ත්‍රය නඩත්තු කිරීම සඳහා මෙරටට ගෙන්වා ඇති අමතර කොටස් නිදහස් කිරීමට රේගුව තවමත් පියවර ගෙන නොමැති බවයි.

    මේ අතර, තත්ත්වයෙන් බාල ඖෂධ නිසා මියගිය, අන්ධභාවයට පත්වූ සහ ආසාත්මිකතා ඇතිවූ සිද්ධින් පිළිබඳ පරීක්ෂණ කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇත.

    මේ අතර, අතිකාල දිමනා කප්පාදුවක් මුල් කරගනිමින් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදී ශිල්පීන් අමතර රාජකාරි රාජකාරිවලින් ඉවත්ව තිබේ.

    ඒ අනුව ඔවුන් ඊයේ සවස හතරෙන් පසු විකිරණ ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටි බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.