Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුවෙකුගෙන් කාන්තාවකට මාරක ප්‍රහාරයක්
    Featured

    සිසුවෙකුගෙන් කාන්තාවකට මාරක ප්‍රහාරයක්

    By LFNDecember 4, 2023No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලේ දන්දීමේ පිංකමකට එක්රැස් කර තිබූ මුදල් කොල්ලකෑම සඳහා 83 හැවිරිදි සමාජ සේවිකාවක ඝාතනය කළ 18 හැවිරිදි තරුණයෙක් ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුව, පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවකි.

    කාන්තාවක් හිසට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් රුධිරය වහනය වී සිය නිවසේ සාලයේ ඝාතනයට ලක්ව ඇති බවට නොවැම්බර් 29 වනදා මොරටුමුල්ල පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව ඝාතනයේ සැකකරුවන් සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදුකර තිබේ.

    ඇයගේ නිවසට යාබද නිවසේ පදිංචි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන, එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි තරුණයෙකුගෙන් හා ඔහුගේ මිත්තණියගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබුණේ ඒ අනුවය.

    එහිදී අදාළ තරුණයා පවසා ඇත්තේ, අතපසු වූ රූපවාහිනි වැඩසටහනක් නැරඹීමට හා ජංගම දුරකථනයක දෝෂයක් යථා තත්ත්වයට පත්කරදීම සඳහා සිය මිත්තණිය සමග මියගිය කාන්තාවගේ නිවසට 27 වැනිදා අවස්ථා දෙකකදී ගිය බවය.

    එහෙත් මිත්තණිය ප්‍රකාශකර ඇත්තේ එක් අවස්ථාවක් පමණක් එම නිවසට ගිය බවය.

    ඒ අනුව, ඇති වූ සැකය මත 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු සිද්ධිය පිළිබඳ පාපොච්චාරණයක් සිදුකර තිබේ.

    සිය මිත්තණිය සමග අදාළ නිවසට ගිය අවස්ථාවේ මේසය මත තිබූ මුදල් පසුම්බියක රුපියල් 5,000 නෝට්ටු කිහිපයක් තිබෙනු දුටු බවත්, ඊට පසුදින මුළුතැන්ගෙය දෙසින් නිවසට ගොස් එම කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලූ බවත් සැකකරු එහිදී පාපොච්චාරණය කර තිබුණි.

    වතුර වීදුරුව රැගෙන ඒමට ගිය අවස්ථාවේ මුදල් පසුම්බියේ තිබූ නෝට්ටු කිහිපයක් තරුණයා සිය කලිසම් සාක්කුවේ දමාගන්නා අයුරු නිවස හිමි කාන්තාව දැක තිබුණි.

    අදාළ මුදල් ලේ දන්දීමේ පින්කමකට ප්‍රදේශවාසීන්ගෙන් එකතුකරගත් ඒවා බවත්, සිද්ධිය සම්බන්ධයෙන් මිත්තණියට දැනුම්දෙන බවත් කාන්තාව තරුණයාට පවසා ඇති අතර එහිදී ඔහු කාන්තාව තල්ලු කිරීම නිසා ඇය බිත්තයක ගැටී බිම ඇදවැටී තිබුණි.

    එහිදී මුළුතැන්ගෙයට දිවගිය තමන් අලවංගුවක් රැගෙනවිත් කාන්තාවගේ හිසට දෙවරක් ප්‍රහාර එල්ල කළ බවත්, අලවංගුව සෝදා පිරිසිදුකර, කාන්තාවගේ ජංගම දුරකථනයද රැගෙන නිවසට පැමිණි බවත් සැකකරු පාපොච්චාරණය කළ බව පොලීසිය පැවසීය.

    සැකකරු මොරටුවේ ජංගම දුරකථන අලෙවිසැලකින් එම ජංගම දුරකථනය වෙත් දුරකථනයකට හුවමාරුකර, කොල්ලකෑ මුදල්වලින් කාය වර්ධන විටමින් වර්ග මිලදී ගෙන තිබුණි.

    පොලීසිය පවසන්නේ ඔහු ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන කායවර්ධන තරගයක් සඳහා ඉදිරිපත්වීමටද සූදානමින් සිටි අයෙක් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.