Author: LFN
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, දෙසැම්බර් ඊයේ (02) රාත්‍රී වනවිට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි 330ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවය. එම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. එය හෙට (04) වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර, ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර අනිද්දා (05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකර තිබේ. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ හරිත පරිවර්තනයක් සිදුකිරීම වෙනුවෙන් අදහස් හුවමාරු කරගෙන තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. තවද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ බැඳීම ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපතිවරයාට ආරාධනයක් සිදුකරමින් පවසා ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්වන ලෙසය. ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී සිටින අතර ඊට සමගාමීව මෙම හමුව සිදුවී…
සෙට්ටිකුලම ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන් සතු මුදල් හා රන්මාලයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 30 වනදා ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ දී මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබිණි. ඒ අනුව ඊට අවශ්‍ය ව සිටි 19 හැවිරිදි තරුණයෙකු කිලිනොච්චිය, උරිත්තිකුලම් ප්‍රදේශයේ දී ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සෙටිට්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු ගෙන් කළ ප්‍රශ්න කිරීම්හි දී අපරාධය සිදු කළ අවස්ථාවේ දී ඔහු හැඳ සිටි ඇඳුම් සහ කොල්ලකන ලද රන් මාලයක කොටසක් බෑගයක බහා ළිඳකට දමා තිබිය…
බන්ධනාගාර රැඳවියෙකු එහි තවත් රැඳවියන් පිරිසකගේ පහරකෑමට ලක්වී මියගොස් ඇත. සිද්ධියෙන් මියගොස් ඇත්තේ, කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 46 හැවිරිදි එස්. තුරෙයිරාසා නමැති අයෙක් වන අතර මඩකලපුව බන්ධනාගාරයේදී සිද්ධිය ඇතිවී තිබේ. නීතිවිරෝධී මත්පැන් නඩුවකට අදාළව අධිකරණය මගහැරීම හේතුවෙන් වරෙන්තු ලැබ සිටි මියගිය පුද්ගලයා කොක්කඩිචෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. ඔහු එහි සිරමැදිරියක රඳවා සිටියදී එහි සිටි සෙසු රැඳවියන් 8දෙනා සමග ගැටුමක් ඇති කරගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළේය. එහිදී සෙසු රැඳවියන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ අදාළ රැඳවියාව බන්ධනාගාර නිලධාරීන් විසින් මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රැඳවියා…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත්විණි. ඒ අනුව යෝජනාවට පක්ෂ ව ඡන්ද 57ක් ලැබුණු අතර, විපක්ෂ ව ඡන්ද ලැබුණේ එකක් පමණි. මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබේ. ඒ අනුව යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත විය.
2024 අමෙරිකානු ජනාධිපති සටනින් යම් හේතුවක් නිසා ඉවත් වීමට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කළ හොත් ‘ප්ලෑන් B‘ එකක් නැත්නම් ඔහු වෙනුවට විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය මෙතෙක් කටයුතු යොදා නොමැති බව අනාවරණය වේ. එවැනි අවස්ථාවක දී හදිසියේ ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට, රිපබ්ලිකන් පක්ෂය සමග තියුණු ඡන්ද සටනක් ජයග්‍රහණය කිරීමට හැකිවේද යන්න දැන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතරම සංවාදයට ලක් වී ඇත. ජනමත සමීක්ෂණවලට අනුව ජන ප්‍රසාදය පහත වැටී වයස පිළිබඳ ප්‍රශ්න පැනනැගෙද්දී වුව ද තමා 2024 ජනාධිපතිවරණය සඳහා නැවත ඉදිරිපත් වන බව ජනපති බයිඩ්න් ප්‍රකාශයට පත්කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ සමඟම ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයන් සඳහා පැවැත්වෙන ‘ප්‍රයිමරි‘ නැත්නම් ප්‍රාථමික ඡන්ද විමසීම්වල දී…
බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව වෙත ඒ බව දැනුම් දුන් බවය. රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය මඟින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව පහත සඳහන් තැපැල් කාර්යාල මඟින් පැය 24 පුරා දඩ පත්‍රිකා ගෙවීම් සිදුකිරීමට හැකියාව ලබාදී ඇත. පැය 24 පුරා විවෘත තැපැල් කාර්යාල… 1. බොරැල්ල 2. වැල්ලවත්ත 3. හැව්ලොක් ටවුන් 4. දෙහිවල 5. මොරටුව 6. පානදුර 7.…
බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහු ඊයේ (01) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කළැයි චෝදනා එල්ල වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මාස කිහිපයක් විදේශගත ව සිට පසුගිය 29 වැනිදා යළි දිවයිනට පැමිණි අතර, අධිකරණ නියෝගය ප්‍රකාර ව ඔහු අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලදි. එහි දී දේවගැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අනුව අත්අඩංගුවට ගත් දේවගැතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවට අද දහවල් ඉදිරිපත් කෙරිණි. කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ නඩුව ඊයේ…
දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බව අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදුටු අවස්ථාවේදීයි. හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඊයේ (01) උදෑසන අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක සිය ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාදය ලබා ගත්තේය. ඉන් අනතුරු ව ඔහු උන්වහන්සේ වෙත ක්‍රිකට් දූෂණ පිළිබඳ වාර්තාවක් ද ලබා දුන්නේය. ඉන් පසු අර්ජුන රණතුංග මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, උන්වහන්සේට ද එම වාර්තාව ලබා දී ඇත. අර්ජුන – “මේ ක්‍රිකට් කියන එක ක්‍රීඩා පනතකින් ආපු එකක් නේ…” මිහින්තලේ හිමි – “එතකො…
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කරවල ආයෝජනය කර ඇති කණ්ඩායමක් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වා තිබේ. ඔවුන් පවසා ඇත්තේ, එම ක්‍රියාවලියේ විනිවිදභාවය අඩු වීම කනගාටුවට හේතුවක් වුව ද නිල ණයහිමියන් සමඟ ඇතිකරගත් එකඟතාවය ගැන ඔවුන් සතුටු වන බවයි. රොයිටර්ස් පුවත් සේවය මේ බව සඳහන් කර ඇත.