Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රිකට් සටන අත්නොහරින බවට අර්ජුන ගෙන් ප්‍රකාශයක්
    Featured

    ක්‍රිකට් සටන අත්නොහරින බවට අර්ජුන ගෙන් ප්‍රකාශයක්

    By LFNDecember 2, 2023No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බව අර්ජුන රණතුංග මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදුටු අවස්ථාවේදීයි.

    හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඊයේ (01) උදෑසන අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක සිය ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාදය ලබා ගත්තේය.

    ඉන් අනතුරු ව ඔහු උන්වහන්සේ වෙත ක්‍රිකට් දූෂණ පිළිබඳ වාර්තාවක් ද ලබා දුන්නේය.

    ඉන් පසු අර්ජුන රණතුංග මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, උන්වහන්සේට ද එම වාර්තාව ලබා දී ඇත.

    අර්ජුන – “මේ ක්‍රිකට් කියන එක ක්‍රීඩා පනතකින් ආපු එකක් නේ…”

    මිහින්තලේ හිමි – “එතකො ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ, කොම්පැනියක් කියලා…ඇයි එහෙම හැදුවා නම්, ජනාධිතිට මේකේ විධායකයේ ඇමතිව අස්කරන්න පුළුවන් නම්, ඇයි එයාට ඍජු තීරණ ගන්න බැරි ?”

    අර්ජුන – “දැන් බලන්න ෂම්මි සිල්වා ලියලා තියෙනවා ලියුම් 5ක්. අපිට හම්බවුණේ ලියුම් 5යි. හැබැයි එයා ටීවි එකේ කියනවා ලියුම් 10ක් ICC එකට ලිව්වලු දේශපාලන බලපෑම් තියෙනවා කියලා. ඒ කියන්නේ රට පාවාදීමක් මේ මනුස්සයා කරලා තියෙන්නේ…”

    මිහින්තලේ හිමි – “දේශද්‍රෝහියෙක්. ඔතන ඉන්න සදාචාර අයිතියක් නෑ ඔය මිනිහට. ක්‍රිකට් නෙමෙයි මුළු රටම ගොඩගන්න බැරි පාදඩ දේශපාලනඥයෝ නිසයි. තට්ටු මාරු කරන පක්ෂ LTTE හා සමානයි. මේ රටට කරලා තියෙන විනාශය. ඔබතුමා ඇමතිකම් දැරුවානේ. හෙණ ගහනවාද ක්‍රිකට් ඇමතිකම දුන්නම?”

    “නයි කනවද? බයද?”

    අර්ජුන – “ක්‍රිකට් හැදෙන එකට කවුරුත් කැමති නෑ හාමුදුරුවනේ…මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන්න තියන්නේ. කලකිරීමෙන් ඉන්නේ හාමුදුරුවනේ මං අත්හරින්නේ නෑ. දැන් මමත් හිතුවේ පැත්තකට වෙලා ඉන්නවා කියලා. අම්මලා මට බනිනවා දරුවෝ බනිනවා. මම ආයේ හිතුවා අන්තිම පාරට මේක අරගෙන හදාගෙන යනවා කියලා…”

    මිහින්තලේ හිමි – “ඒක ලොකු දෙයික්”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.