Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රිකට් සටන අත්නොහරින බවට අර්ජුන ගෙන් ප්‍රකාශයක්
    Featured

    ක්‍රිකට් සටන අත්නොහරින බවට අර්ජුන ගෙන් ප්‍රකාශයක්

    By LFNDecember 2, 2023No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දූෂිතයින්ට එරෙහි ක්‍රිකට් සටන අත්නොහරින බව අර්ජුන රණතුංග මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් බැහැදුටු අවස්ථාවේදීයි.

    හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඊයේ (01) උදෑසන අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක සිය ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාදය ලබා ගත්තේය.

    ඉන් අනතුරු ව ඔහු උන්වහන්සේ වෙත ක්‍රිකට් දූෂණ පිළිබඳ වාර්තාවක් ද ලබා දුන්නේය.

    ඉන් පසු අර්ජුන රණතුංග මහතා මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, උන්වහන්සේට ද එම වාර්තාව ලබා දී ඇත.

    අර්ජුන – “මේ ක්‍රිකට් කියන එක ක්‍රීඩා පනතකින් ආපු එකක් නේ…”

    මිහින්තලේ හිමි – “එතකො ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ, කොම්පැනියක් කියලා…ඇයි එහෙම හැදුවා නම්, ජනාධිතිට මේකේ විධායකයේ ඇමතිව අස්කරන්න පුළුවන් නම්, ඇයි එයාට ඍජු තීරණ ගන්න බැරි ?”

    අර්ජුන – “දැන් බලන්න ෂම්මි සිල්වා ලියලා තියෙනවා ලියුම් 5ක්. අපිට හම්බවුණේ ලියුම් 5යි. හැබැයි එයා ටීවි එකේ කියනවා ලියුම් 10ක් ICC එකට ලිව්වලු දේශපාලන බලපෑම් තියෙනවා කියලා. ඒ කියන්නේ රට පාවාදීමක් මේ මනුස්සයා කරලා තියෙන්නේ…”

    මිහින්තලේ හිමි – “දේශද්‍රෝහියෙක්. ඔතන ඉන්න සදාචාර අයිතියක් නෑ ඔය මිනිහට. ක්‍රිකට් නෙමෙයි මුළු රටම ගොඩගන්න බැරි පාදඩ දේශපාලනඥයෝ නිසයි. තට්ටු මාරු කරන පක්ෂ LTTE හා සමානයි. මේ රටට කරලා තියෙන විනාශය. ඔබතුමා ඇමතිකම් දැරුවානේ. හෙණ ගහනවාද ක්‍රිකට් ඇමතිකම දුන්නම?”

    “නයි කනවද? බයද?”

    අර්ජුන – “ක්‍රිකට් හැදෙන එකට කවුරුත් කැමති නෑ හාමුදුරුවනේ…මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියන්න තියන්නේ. කලකිරීමෙන් ඉන්නේ හාමුදුරුවනේ මං අත්හරින්නේ නෑ. දැන් මමත් හිතුවේ පැත්තකට වෙලා ඉන්නවා කියලා. අම්මලා මට බනිනවා දරුවෝ බනිනවා. මම ආයේ හිතුවා අන්තිම පාරට මේක අරගෙන හදාගෙන යනවා කියලා…”

    මිහින්තලේ හිමි – “ඒක ලොකු දෙයික්”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.