Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්
    Featured

    බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්

    By LFNDecember 3, 2023No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය, දෙසැම්බර් ඊයේ (02) රාත්‍රී වනවිට උතුරු අක්ෂාංශ 11.2° සහ නැගෙනහිර දේශාංශ 82.7° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි 330ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එය ඉදිරි පැය 12 තුළ, සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවය.

    එම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී.

    එය හෙට (04) වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර, ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර අනිද්දා (05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

    සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වේ.

    උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 202600 Views

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21)…

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.