Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»උසස් පෙළ සමතුන්ට දැනුම්දීමක්
    Local News

    උසස් පෙළ සමතුන්ට දැනුම්දීමක්

    By LFNDecember 1, 2023No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අ.පො.ස උසස් පෙළ – 2022 ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව පිළිබඳව අද (01) දිනයේ කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    මෙවර උසස් පෙළට විභාගය සඳහා අපේක්ෂකයින් 274,304ක් පෙනී සිට ඇති අතර අපේක්ෂකයින් 166,967ක් මුලික සුදුසුකම් සපූරා තිබේ.

    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 84,176ක් ඉල්ලුම් කර ඇති අතර අපේක්ෂකයින් 45,000ක් විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා මෙවර බඳවා ගැනීමට නියමිතව ඇත.

    ජෛව විද්‍යාව 9,896ක්, භෞතික විද්‍යාව සඳහා 8,071ක්, වාණිජ 7,850ක්, කලා විෂය ධාරාව සඳහා 11,780ක්, ඉංජිනේරු තාක්ෂණවේදය සඳහා 2,295ක් ජෛව පද්ධතිය තාක්ෂණය 1,536ක් හා වෙනත් ඉහත කිසිදු විෂය ධාරාවකට අදාළ නොවන සිසුන් 719ක් ලෙස මුලික අවස්ථාවේ දී විශ්වවිද්‍යාල සඳහා තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

    UGC(space)විභාග අංකය ටයිප් කර 1919ට SMS පණිවුඩයක් යොමු කිරීම තුළින් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇත්දැයි දැනගැනීමට හැකිය.

    වැඩිදුර විස්තර – 0112 695 301 / 0112 695 302 / 0112 692 357 / 0112 675 857

    මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පාඨමාලාවන්ගේ කඩයිම් ලකුණු ලබාගත හැකි අතර, තමා අයදුම් නොකළ පාඨමාලාවකට ලකුණු ලැබී ඇත්නම් එවැනි අපේක්ෂකයින්ට අද දින සිට දින 30ක් ඇතුළත අභියාචනාවක් ප්‍රවේශ අත්පොතේ ඇති ආදර්ශ අයදුම්පත අධ්‍යයනය කර යොමුකළ හැකියි.

    මේ අතර අද දින සිට සති දෙකක් ඇතුළත විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    “අයදුම්පත් යොමු කරපු සෑම දරුවෙක්ම ලබාදුන්න ජංගම දුරකථන අංකයට SMS පණිවුඩයක් මේ දරුවන් තේරුණ විශ්වවිද්‍යාලය හා පාඨමාලාව සඳහන් කරලා, යැවීම සඳහා මේ වනවිට පටන් ගෙන අවසන්. දරුවන්ට අද දින ඇතුළත අයදුම්පත් යොමුකළ සෑම දරුවෙක්ටම තේරුණා නම් විශ්වවිද්‍යාලය හා සියලුම තොරතුරු ලැබීමට සලස්වනවා. යම් දරුවෙක්ට අද දින ඇතුළට නොලැබුණා නම් ඒ දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආමන්ත්‍රණය කරන්න පුළුවන් 119ට. වැඩිදුර විස්තර ලබාගන්න.”

    “දරුවන්ට SMS එක ගියාට පස්සේ යම් දරුවෙක් විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ තමන්ගේ උපාධි පාඨමාලාවට ලියාපදිංචි නොවුණොත් අපිට විශ්වවිද්‍යාලයෙන් අහන්න දෙයක් නෑ. ඊළඟ වටයේ දී අපි ඒ පුරප්පාඩුව පුරවනවා. ඒ නිසා පුරප්පාඩු ගැන අපිට විශ්වවිද්‍යාලවලින් අහන්න දෙයක් නෑ. ඒ දත්ත අනුව අපි පුරවනවා.

    අපි සති 6කින් තමා කඩයිම් ලකුණු දුන්නේ ඒ නිසා පළමු ලැයිස්තුව විශ්වවිද්‍යාලයට යනවා ඉතාම ඉක්මනින්. යද්දි සමහර වෙලාවට පුරප්පාඩු සහිතව තමා යන්නේ. ඒ නිසා දෙවැනි වටයේ පුරප්පාඩු පුරවලා යනවකොට මේ ආදි වශයෙන් අපිට තුන් හතර ප්‍රමාණයක් පුරප්පාඩු පුරවන්න වෙනවා. මෙච්චර ප්‍රමාණයක් පුරප්පාඩු පුරවද්දි පළමු අය අධ්‍යාපනය පටන් අරන් විශ්වවිද්‍යාලයේ. එහෙම වුණොත් තමා ගැටලුකාරි වෙන්නේ. එහෙම වුණොත් විශ්වවිද්‍යාලවලට දරුවන් එවන්න එපා කියලා.

    හැමතිස්සේම දරුවන්ගේ පැත්තෙන් අපි බලන්නේ. අන්තිමයා ගැන බලලා නෙමෙයි තීරණ ගන්නේ. සමස්තය දිහා බලලා තමා ගන්නේ. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.