Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නුගේගොඩ වාහන ගමනා ගමනය සීමා කෙරේ
    Featured

    නුගේගොඩ වාහන ගමනා ගමනය සීමා කෙරේ

    By LFNDecember 2, 2023No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුගේගොඩ නගරයේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වාහන ගමනා ගමනය සීමාකිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

    එම මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා තැබීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.

    ඒ අනුව අද (02) උදෑසන 8 සිට හෙට (03) උදෑසන 6 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගය අයත් වන කොටස වසා තැබීමට කටයුතු කරන බැවින් ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.

    විකල්ප මාර්ග…

    *නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණ හන්දියේ සිට කොළඹට ඇතුළු වන සියලූම වාහන නාවල මාර්ගය ඔස්සේ නාවල, නාරාහේන්පිට හංදිය ඔස්සේ කොළඹ දක්වා ගමන් කළ හැකිය.

    *නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණ හන්දියේ සිට කිරුළපන, දෙහිවල, කළුබෝවිල සහ කොහුවල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන සියල්ලම නුගේගොඩ පොලිස් මුරපොළ අසලින් ඇති පූර්වාරාම මාර්ගය ඔස්සේ කිරුළපන සිබල් හංදිය දෙසට ගමන් කර හයිලෙවල් මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.

    *හයිලෙවල් මාර්ගයේ සිට නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණ හන්දිය දෙසට ඇතුළ වන සියලුම සැහැල්ලු වාහන නුගේගොඩ දුම්රිය ස්ථානය අසලින් දකුණු දෙසට ජනතා පොළ මාර්ගයෙන් පරණ කැස්බෑව මාර්ගයට පැමිණ වමට හැරී නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණය හන්දිය දෙසට ගමන් කළ හැකිය.

    *හයිලෙවල් මාර්ගයෙන් නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණය හන්දිය දෙසට ඇතුළුවන සියලුම වාහන නුගේගොඩ දුම්රිය ස්ථානය අසලින් දකුණු දෙසට ජනතා පොළ මාර්ගයෙන් පරණ කැස්බෑව මාර්ගයට පැමිණ වමට හැරී නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණය හන්දිය දෙසට ගමන් කළ හැකිය.

    *හයිලෙවල් මාර්ගයෙන් නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණය හන්දිය දෙසට ගමන් කරන සියලුම බර වාහන හයිලෙවල් මාර්ගයෙන් ගම් සභා හංදියට පැමිණ වමට හැරී කට්ටිය හංදියට ගමන් කර වමට හැරී පරණ කැස්බෑව මාර්ගය ඔස්සේ නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණය හන්දිය දෙසට ගමන් කළ හැකිය.

    * නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කරනු ලබන බස්රථ ඇතුළු සියලූම බර වාහන පරණ කැස්බෑව මාර්ගයේ කට්ටිය හංදියට ගමන්කර දකුණට හැරී ගම්සභා හංදියෙන් හයිලෙවල් මාර්ගයට ගමන් කළ හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.