Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාසල් බැම්ම කඩාවැටුණු හැටි හෙළිවෙයි
    Hot News

    පාසල් බැම්ම කඩාවැටුණු හැටි හෙළිවෙයි

    By LFNNovember 16, 2023Updated:November 16, 2023No Comments3 Mins Read214 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු ශ්‍රේණියේ පුංචි දැරියකට අවාසනාවන්ත ලෙස ඊයේ (15) දිවි අහිමි විය.

    තවත් දරුදැරියන් 05 දෙනෙකු අනතුරින් තුවාල ලැබීය.

    අනතුරින් මියගියේ සෙහන්සා නෙත්මි නම් දැරියක් වන අතර ඇයගේ 6 වැනි උපන්දිනය ද යෙදී ඇත්තේ ඊයේ දිනටය.

    වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියේ පන්ති කාමරය ඉදිරිපිට පිහිටි ජල කරාම පෙළ වෙත සිසු සිසුවියන් පිරිසක් ගොස් තිබුණේ අත් සේදීම සඳහාය.

    විවේක කාලය යෙදී තිබුණු පෙරවරු 10.30ට පමණ ඔවුන් එහි ගොස් තිබුණේ වෙනදා පරිදි, පුරුදු දඟකාරකමිනි.

    අත් සෝදමින් සිටි සිසු සිසුවියන් 6 දෙනෙකු අනතුරට ලක්කරමින් නොසිතූ ලෙස එක්වරම එම ඉදිකිරීම කඩා වැටී තිබුණි.

    එහිදී, මෙම වෙන්වී ගොස් ඇති කොන්ක්‍රීට් කොටස තුළ සිසුවියන් දෙදෙනෙක් සිරවී තවත් සිසු සිසුවියන් සිව් දෙනෙකුටද තුවාල සිදුවුණි.

    කොන්ක්‍රීට් කොටස තුළ සිරවූ සිසුවියන් දෙදෙනා බේරාගැනීමට ගුරුවරු, පාසලට පැමිණ සිටි මව්පියන් මෙන්ම අනතුර සැලවූ අසල්වාසීන් ඇතුළු පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.

    තුවාල ලැබූ සිසු සිසුවියන් 6 දෙනාගෙන් සිසුවියන් දෙදෙනෙකු හා සිසුන් 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලට කඩිනමින් ඇතුළත් කෙරුණි.

    කොන්ක්‍රීට් කොටස තුළ සිරවී බරපතළ තුවාල ලබා සිටි සිසුවිය රෝහල්ගත කරනවිටත් මෙලොව හැරගොස් තිබූ බව වාර්තා විය.

    තුවාල ලැබූ අනෙක් සිසුවිය ඇතුළත් කෙරුණේ, රිජ්වේ ආර්යා ළමා රෝහලටය.

    අනතුරින් ජීවිතය අහිමි වුණේ, සෙහන්සා නෙත්මි කෝදාගොඩ නමැති දැරියටය.

    ඇය වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල පාර ප්‍රදේශයේ පදිංචිව සිටියේය.

    හද සලිත කරවන කරුණ නම් පුංචි සෙහන්සාගේ 06 වැනි උපන්දිනයද ඊයට යෙදී තිබීමය.

    වැඩිමල් සහෝදරයින් දෙදෙනෙකුගේ සුරතල් නැගණියක් වන සෙහන්සාගේ මව විදෙස්ගතවී සිටින අතර ඔවුන් හැදීවැඩී තිබුණේ සිය මිත්තණිය සමගය.

    අනතුරෙන් මියගිය සෙහන්සාගේ සහෝදරයා,

    “ඒ මගේ නංගි. යාළුවෝ එක්ක සෙල්ලම් කර කර හිටියා. මල්ලි කෙනෙක් හිටියා. ඒ මල්ලි අර තාප්පේ උඩට නැග්ග ගමන් ඒක කඩන් වැටුණා. ඒක ඇඟට වැටුණා.”

    ඇගේ පියා එම නිවස අසල වෙනම නිවසක පදිංචිව සිටින බවද වාර්තා වෙයි.

    මේ අතර අනතුර සැලවීමත් සමග ඇතිවූ කලබලකාරී තත්ත්වය සමග සිසු සිසුවියන් පිටතට යෑම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා පාසලේ ගේට්ටුව වසා දැමීමට උපදෙස් දී ඇති අතර, ඊට උරණ වූ මව්පියන් පිරිසක් පාසලට පැමිණ විදුහල්පතිවරයාට පහරදී තිබුණි.

    පහරදීමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා රෝහල්ගත කර තිබේ.

    පාසල තුළ ඇතිවූ තත්ත්වය සමතයකට පත් කරන්නට ග්‍රෑන්ඩ්පාස් හා දෙමටගොඩ පොලිස් නිලධාරීන්ට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද විදුහලට කැඳවීමට පියවර ගැනුණි.

    විදුහල්පතිවරයාගේ උපන් දිනයද අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ඔහු දරුදැරියන්ට ටොෆී හා ලොලිපොප් බෙදා දී තිබූ බවද වාර්තා වෙයි.

    අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය අපරාධ පරීක්ෂණයක් සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකෙරුණි.

    ඒ අලුත්කඩේ අංක 4 වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත හේරත් මහතා විසිනි.

    එමෙන්ම වැඩිදුර පරීක්ෂණ සඳහා මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙතද පැමිණි සිටියේය.

    අනතුරට හේතුව, ජල කරාම සවිකර ඇති ඉදිකිරීම නිසි ප්‍රමිතියෙන් ගොඩනංවා නොතිබීම බවට මව්පියන් හා අසල්වාසීන් චෝදනා කරයි.

    එම ඉදිකිරීම පොළවට නිසි පරිදි සම්බන්ධ කර නොමැති බව දර්ශනවලින්ද මනාව දැකගත හැකිය.

    ජල කරාම සවිකර ඇති ප්‍රමිතියෙන් තොර තවත් මෙවැනිම ඉදිකිරීම් එම විදුහලේ ඇති බව අද දෙරණට නිරීක්ෂණය වුණි.

    කෙසේ වෙතත් මේ නොසැලකිල්ලට අවසානයේ වන්දි ගෙව්වේ අහිංසක මල් කැකුළකි.

    සෙහන්සා යළිත් පාසල් නාවත්, පන්ති කාමරයේ ඇයගේ මේසය, පුටුව හිස් වුණත් ඇය සමුගන්නේ පාසලේ හැමදෙනා අතර මතකයක් වෙමිනි.

    ඒ වගේම අවදානම්සහගත ඉදිකිරීම් මින් පසු පාසලක නොතිබිය යුතු බවට වන පණිවුඩයත් ලබාදී බලධාරීන්ගේ ඇස් අවදිකරමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.