Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    පුරාවස්තු කැණීම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටු

    June 2, 2026

    ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි

    June 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්
    Hot News

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    By LFNJune 2, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින්, රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.

    වංචාකරුවන් විසින් විදේශීය දුරකථන අංක භාවිත කරමින් SMS හෝ WhatsApp හරහා ජනතාව වෙත ව්‍යාජ පණිවිඩ එවනු ලබන අතර එහි දැක්වෙන්නේ අදාළ පරිශීලකයා විසින් සිදුකරන ලද රථවාහන වරදක් CCTV මගින් නිරීක්ෂණය වී ඇති බවයි.

    මෙම ව්‍යාජ දඩ මුදල ගෙවීම සඳහා එම පණිවිඩය සමඟ දැනට ලැබී ඇති තොරතුරු අනුව වංචාකරුවන් විසින් https://thecourierguy.eu.cc/lk නැමැති සබැඳියක් (Link) මහජනතාව වෙත ලබා දෙනු ලබයි.

    මෙම ව්‍යාජ වෙබ් අඩවිය රජයේ නිල ‘Gov Pay’ වෙබ් අඩවියට සමාන වන ලෙස ඉතා සූක්ෂ්මව නිර්මාණය කර ඇති අතර, එහි මහජනතාවගේ වාහන අංකය ඇතුළත් කළ පසු ව්‍යාජ ලෙස සකස් කරන ලද රථවාහන වැරදි වාර්තාවක් පවා පෙන්වනු ලබන බව අමාත්‍යාංශය කියයි. දඩ මුදල ගෙවීම සඳහා ඉදිරියට යන විට, පරිශීලකයාගේ බැංකු කාඩ්පත් (Credit/Debit Card) තොරතුරු ඇතුළත් කිරීමට සලස්වා, එමගින් බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීම මෙම ජාවාරමේ අවසාන අරමුණ වී ඇත.

    එබැවින් ඩිජිටල් අවකාශය තුළ ඔබේ අනන්‍යතාවය සහ මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම සඳහා කිසිම විටක SMS හෝ WhatsApp පණිවිඩ හරහා ලැබෙන සැක කටයුතු සබැඳි (Links) මත ක්ලික් කර පෞද්ගලික හෝ බැංකු තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙස අමාත්‍යංශය අවධාරණය කර සිටියි. එමෙන්ම රජයේ ගෙවීම් සඳහා නිතරම රාජ්‍ය නිල වෙබ් අඩවි වලට අදාළ .gov.lk යන අග්‍රය (Domain suffix) සහිත වෙබ් අඩවි පමණක් භාවිතා කිරීමට වගබලා ගත යුතු බවද අමාත්‍යාංශය කියයි.

    ශ්‍රී ලංකාවේ රථවාහන දඩ මුදල් හෝ නිවේදන කිසිවිටකත් විදේශීය දුරකථන අංක (උදා: +63…) මගින් නොඑවන බැවින් එවැනි පණිවිඩ ලැබුණහොත් ඒවා වහාම ප්‍රතික්ෂේප කළ යුතුය. තවද බැංකු කාඩ්පතේ රහස් අංක (PIN), එක්වරක් පමණක් භාවිත කරන මුරපද (OTP) හෝ කාඩ්පත පිටුපස ඇති CVV අංකය කිසිදු බාහිර පාර්ශවයකට හෝ කිසිදු වෙබ් අඩවියකට ලබානොදීමට වගබලා ගත යුතු බවද රජයේ නිල ආයතන කිසිවිටකත් මෙවැනි රහස්‍ය තොරතුරු දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා ඉල්ලා නොසිටින බව සිහිපත් කරන අතර ඩිජිටල් වත්කම් සහ පෞද්ගලික දත්ත ආරක්ෂා කර ගැනීම සැමගේම සාමූහික වගකීමක් බැවින් නිරන්තරයෙන් දැනුවත් වෙමින් විමසිලිමත්ව සහ ආරක්ෂිතව සිටින ලෙස අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026

    මීගොඩ දන්සලක් අසල සිදු වූ අනතුරකින් 06 ක් මරුට

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,601 Views
    Don't Miss

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 202600 Views

    රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින්, රියදුරන් ඉලක්ක…

    පුරාවස්තු කැණීම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටු

    June 2, 2026

    ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා එකඟ වූ බව ලෙබනනය කියයි

    June 2, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.