Author: LFN

කුමන කරුණක් සිදුවුවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා කැපවන ලෙස ඊට අයත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ පරමාධිපත්‍ය සුරැකීම සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැමවිට සලකන බව එම නිවේදනයේ දැක්වෙයි. ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේදී කැබිනට් අමාත්‍යවරයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් සිදුකරන ලද චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එල්ලකර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා අපක්ෂපාතී , ස්වාධීන පුද්ගලයින් පත්කර අදාළ චෝදනාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකළ යුතු…

Read More

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බව වාර්තා වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව ජනතාවගෙන්…

Read More

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා පත් කරන ලද අතුරු කමිටුවේ සිටි සාමාජිකයන් තිදෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එම සාමාජිකයන් තිදෙනා වන්නේ, එස්.අයි.ඉමාම් – විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ – විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා – විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කර තිබූ පහත සඳහන් ප්‍රධාන වගකීම් පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම ස්වාධීන කමිටුවට බලය ලබා දී තිබේ. විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම. එම විගණකාධිපති වාර්තාවේ සඳහන් දුෂණ, වංචා, අක්‍රමිකතා, විෂමාචාර සහ අසාර්ථකත්වයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවා වැළැක්වීමට…

Read More

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, ලබන වසරේ දී මෙරට පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම අරමුණ බවයි. එම තරගාවලිය 2024 ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ඒ සම්බන්ධයෙන් තමන් මේ දිනවල කැප වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි. විශේෂයෙන් මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සාපේක්ෂ ව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා…

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙම තීරණය ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය රටටම දැකගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිශාන්ත හපුවත්ත මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ හරහා වංචා දූෂණ සිදුකර ඇත්තේ කවුදැයි හෙළිවෙන බවය. ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිශාන්ත හපුවත්ත මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඇඟිල්ල දිගු කරලා තිබෙනවා ආපු විගණන වාර්තාවක් අනුව. බොහෝ සොරකම් සිදුවන ස්ථානයක් කියලා. ඒකට අපිව යටත් කරලා ඇමතිතුමා අපිට අවස්ථාවක් නොදී අපිව ඉවත් කළා. ඒක ඉතාම වැරදි දෙයක් කියලා අපිට තේරුණා.” “ඔය කියන දේවල් අපි කරලා නැහැ. සියලුදෙනාම හොරු හැටියට සඳහන් කරලා අපිව එළියට දැම්මා. ඒ නිසයි අපි අධිකරණයට ගියේ.” “දැන් අපි කෝප් කමිටුවේ වාර්තාව…

Read More

ගාසා තීරය ළමා සුසානයක් බවට පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි. ඊශ්‍රායල – හමාස් යුද ගැටුමට මාසයක් ගතවෙද්දී ඉන් මියගිය පලස්තීන වැසියන් ගණන දසදහස ඉක්මවා තිබේ. හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඒ අතරින් 4,104 දෙනෙකුම දරුවන් ය. මෙම තත්ත්වය ගැන අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පෙන්වා දෙන්නේ, “ගාසා තීරය දරුවන්ගේ සුසානයක් බවට පත්වෙලා. ගෙවුණු 30 වසර තුළ ලොව කිසිම යුද්ධයකදී සිදුවූවාට වඩා මාධ්‍යවේදීන් ඝාතනය වෙලා. අපගේ සහන සේවකයින් මියගිහින් තියෙනවා. ඉතිහාසයේ කිසිදාක සිදුනොවූ තරම්. කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ. හමාස් සංවිධානය සිවිල් වැසියන් භාවිත කරන්නේ මිනිස් පළිහක් විදිහට.” මේ අතර තමන් කිසිසේත් සටන් විරාමයකට එකඟ නොවන බව…

Read More

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ඊයේ (07) පැවැත්වුණි. එම තරගය කඩුලු 03කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 291ක් රැස් කිරීමට ඇෆ්ගනිස්තානය සමත්විය. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran නොදැවී ලකුණු 129ක් රැස්කරගැනීමට සමත්විය. පන්දු 143කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය. අවසානයේ පිටියට පිවිසි රෂීඩ් ඛාන් වේගවත් ප්‍රහාරයක නියැලෙමින් පන්දු 18කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමග ලකුණු 35ක් රැස්කරගැනීමට සමත්විය. ඒ…

Read More

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තරමක තද වැසි ඇති විය හැකිය. උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More