Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»LTTE මහවිරු සැමරුමේදී රවිහරන්ට විරුද්ධ වූ දමිළ තරුණයා
    Featured

    LTTE මහවිරු සැමරුමේදී රවිහරන්ට විරුද්ධ වූ දමිළ තරුණයා

    By LFNNovember 11, 2023Updated:November 12, 2023No Comments5 Mins Read197 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුලතිව් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දී අද (11) වන දින මහවිරු දෙමව්පියන් ඇගයීමේ උස්සවයක් පවත්වා ඇති අතර, එම උත්සවය පැවැත්වෙන අතර තුරදී එම ස්ථානයට පැමිණි රවිහරන් හා විජින්දන් නැමති පුද්ගලයින් විසින් මෙම උත්සවට අදාල නොවන අයුරින් හමුදාවන්ට චෝදනා කරමින් අදහස් දැක්වීමට කටයුතු කරන අවස්ථාවේදී එහි සිටි තරුණයෙකු විසින් සිය විරෝධය පා ඇත.

    එහිදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් එම තරුණයා අප වෙත මෙසේ අදහස් දක්වන ලදී.

    “අද දින මහවිරු දෙමාපියන්ව ඇගයීමේ උත්සවයක් මුලතිව් ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දී පැවැත්වූ අතර, ඒ සඳහා මමත් සහභාගී වී සිටියා. ඒ සහභාගී වූයේ ඇයි කියා මා පසුවට ප්‍රකාශ කරමි. මහවිරු පවුල් වල දෙමාපියන් ඇගයීම සිදු කරනවානම් ඔවුන් පිළිබඳව පමණයි කතා කල යුත්තේ නමුත් රවිහරන් විසින් එම රැස්වීමේ දී වැරදි ප්‍රකාශයක් සිදුකලා.

    මෙම ප්‍රදේශයේ හමුදාව හා පොලිසිය ඉඩම් ආක්‍රමණය කිරීම් සිදුකර ඇත. සත්‍ය වශයෙන්ම මෙම රැස්වීමේ දී මහවිරු දෙමාපියන් පිළිබඳවයි සාකච්ඡා කල යුත්තේ. එනමුත් එසේ සිදුනොවු අතර, හමුදාව සිටින්නේ ඇත්තටම එල්ටීටීඊ සංවිධානය භාවිතා කල ඉඩම් වලයි. අපිත් මෙම ප්‍රදේශයේ වැසියන් බැවින් ඒ පිළිබඳ සැබෑ තත්වය දන්නවා. එම කාලවකවාණුවේ දී ජනතාව විසින් එල්ටීටීඊ සංවිධානයට ඉඩම් විකුණුවා. තවද අදාල ප්‍රදේශයන් අතහැර දමා විදේශ ගත වූ අයවලුන්ගේ නිවෙස් වලද එල්ටීටීඊ සංවිධානය ස්ථානගත විය.

    දැනට හමුදාව සිටින ඉඩම් වලට පොදු ජනතාව කවුරුන් හෝ පැමිණ මේ ඉඩම තමන්ගේ කියා සනාථ කර ලබා දෙන ලෙස ඉල්ලුමි කලොත් හමුදාව ලබා දීමට කටයුතු කරනු ලබයි. ඇත්ත වශයෙන්ම දැනටමත් හමුදාව සිටින්නේ එල්ටීටීඊ සංවිධානය විසින් භාවිතා කල ඉඩම් වලයි. එම නිසා කිසිදු අවස්ථාවක වැරදි ප්‍රකාශයන් සිදු නොකල යුතුයි.

    අපි මේ ප්‍රකාශ කරන්නේ දේශපාලනයටවත්, ජනතාව වෙනත් මාර්ගයකට හැරවීමකටවත් නොවෙයි. මෙවැනි වැරදි ප්‍රකාශයන් වලට හඬ නැගීම සදහායි අපි පැමිණෙන්නේ. මොවුන්ට මහවිරුවන්ව සිහි කිරීමට කිසිඳු හැකියාවක් නොමැති අයවලුන් බවත්, මොවුන් එල්ටීටීඊ සංවිධානයේ මුදල් මංකොල්ල කා ඉන්දියාවට පලාගිය අයවලුන් වේ. මොහුට දරුවන් තිදෙනෙකු සිටිනවා. ඔවුන්වත් මෙම සටනට යොමුකලේ නැත. එම කාලයේදී අපගේ ජනතාව හා මහවිරුවන් මිය යන අවස්ථාවේදී මොවුන් පලාගිය සාමාජිකයින් වේ.

    තමන් තමන් ගැනවත් සොයා බලපු නැති අයව මහවිරුවන්ගේ දෙමාපියන් පිළිබඳව සොයා බලයිද. මොහු පළාත් සභාවේ සිටි සාමාජිකයෙක් මහවිරු පවුල් කියක් සොයා බලා තිබුනාද? කී දෙනෙකුට උපකාර කරලා තියෙනවාද කියා මා දැන ගත යුතුයි. මේ ප්‍රදේශයේ මහවිරුවන් තිදෙනෙකුගේ මවක් සිටිනවා. ඇය පිළිබඳව හෝ මොහු සොයා බැලිමක් කලේ නැත. දුර පලාතක සිටින අයෙක් විසින් ඇයව සොයා බලා කිළිනොච්චිය වැඩිහිටි නිවාසයකට යොමු කර ඇත. මෙවැනි කාලවකවාණුකදි මෙවැනි වැරදි ප්‍රකාශ කර ජනතාව මුලා නොකල යුතුයි. මෙවැනි ලැජ්ජා නැති ප්‍රකාශ සිදු කිරීම නැවැත්විය යුතුයි. අනෙක් පුද්ගලයා විජින්දන් ඔහු මෙම සටනට කිසිදු සහයෝගයක් ලබා නොදී ප්‍රදේශයෙන් පලාගොස් සිට දැන් පැමිණ දේශපාලන වාසී වෙනුවෙන් එල්ටීටීඊ හිතවාදීන් ලෙස පවසාගෙන කටයුතු කිරීම නැවැත්විය යුතුයි.

    මොහුට සටන් කිරීමට ඇති වයසක් තිබුණේ නැද්ද ? මොවුන් විදේශගත එල්ටීටීඊ සාමාජිකයින්ගෙන් මුදල් ලබා ගෙන ලැජ්ජා නැති වැඩ කරමින් ජනතාව මුලා කරමින් වැඩ කරනවා නම් ඔවුන්ට එරෙහිව මෙම රජය නිසි ක්‍රියාවලියක් ගත යුතුයි.

    මොවුන් කිසිදු හැඟීමක් නොමැති ඔවුන්ගේ වාසියට කටයුතු කරන බවත්, මහවිරුවන් සිහිකිරිමට ඔවුන්ගේ දෙමාපියන්ට අයිතියක් ඇති බැවින් ඔවුන්ට එය සිදු කිරීමට ඉඩ ලබා දිය යුතුයි. මොහු මැදිහත් වී සිහි කිරීමේ උත්සව සිදුකර ඒවායේ මුදල් හම්බ කර නැවත පලායන පුද්ගලයින් වශයෙන් මොවුන් කටයුතු කරන්නේ. මොවුන් එල්ටීටීඊ පාලන සමයේ දී පලාගිය අයවලුන් වේ. මෙම කාලවකාණුවේදී මොවුන් පලා නොයයි කියා අපි කෙසේද විශ්වාස කරන්නේ.

    මොවුන්ගේ මුහුණු බලන විට මට කුමක් ද කියන්නේ කියා මටවත් සිතා ගත නොහැකියි. එම ස්ථානයේදී ඔවුන් සමඟ වචන හුවමාරුවක් සිදු කරගෙනයි මම පැමිණියේ මේ ස්ථානයේ රඝු අයියා කියලා පුද්ගලයෙකු සිටියා ඔහු හලාවත පදිංචි පුද්ගලයෙකි. ඔහුට ළමයි 04 දෙනෙකු සිටියා ඔහුගේ පිරිමි ළමයෙකු පැහැර ගෙන ගොස් ඔහුගේ කොණ්ඩය බූ ගා මාර්ගයේ ගමන් කරා එල්ටීටීඊ සංවිධානය ඒ පිළිබඳ ඔහුගෙන් විමසුවහොත් ඔහු පවසන්නේ අපි දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් ලෙසටයි. මෙවැනි අයවලුන් නිසා ඉදිරි අනාගතයේදී මෙම මහ විරුවන් සිහි කිරීමට නොහැකි තත්වයක් පවා උද්ගත විය හැක.

    ඔහු මෙම රැස්විම අවසානයේදී දමිළයින්ගේ පිපාසය දමිළ ඊළම යැයි කියා පවසා පිටව ගියා. මොහුන් මෙම සටනේ කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව මෙවැනි ක්‍රියාවන් සිදුකරන්නේ ඇයිද කියා විජින්දන් සහ යෝගේෂ් යන අයවලුන් සමඟ පසුගිය වසරේ මත් ද්‍රව්‍ය පානය කර සිහි කිරිම් කටයුතු කරන්න උත්සහ කල පුද්ගලයෙකි. මොවුන් කරන මෙම සියල්ල වැරදි ක්‍රියාවන්ය. මොවුන් පිළිබදව මහ විරුවන්ගේ දෙමාපියන් අනිවාර්යෙන් දැන ගත යුතුයි. තමන්ගේද දරුවන්ව සිහි කිරීම තමන් විසින්ම සිදු කල යුතුයි.

    ඒ සදහා මෙවැනි දේශපාලනය පිටුපස නොයන ලෙසත් එසේ ගියහොත් ඔබලාත් දේශපාලන වාසි කථා වලට කටයුතු කරන පුද්ගලයින් ලෙස ප්‍රකාශ කල හැක. තමන්ගේ දරුවන්ව තමන්ව විකුණු ක්‍රියාවක් ලෙසද මොවුන් පිටුපසින් ගියහොත් හැඟෙන අතර, එවැනි ක්‍රියාවන් සඳහා කිසි විටකවත්ඉඩ ලබා නොදිය යුතුයි. විදේශ රටවල සිටින රජු සහ අනෙකුත් අයවලුන් මෙම දෙමාපියන් සමග සම්බන්ධ වී මෙම සිහි කිරීමි කටයුතු සිදුකල හැක.

    මෙවැනි අය හට මුදල් ලබා දී විදේශගත අයවලුන්ගේ පැවැත්මට කටයුතු නොකල යුතුයි. මෙතන සිට මීටර් 300 කින් සිටින්නේ මහවිරුවන් 3 දෙනකුගේ මවක් සහ දැඩි අපහසුතාවයකට පත්ව සිටින මහ විරුවෙකුගේ පියෙක් සිහිකල්පනාවක් නැතිව මෙම මාර්ගයන් වල ගමන් කරනු ලබයි. මෙසේ පීඩාවට පත්ව සිටින කිසිදු මහවිරු පවුලකට ගොස් සොයා බලා නොමැති අතර, මෙම මහවිරු පවුල් වල දෙමාපියන්ට යම් දෙයක් සිදුකර තිබෙයැයි පවසා සිටින්නේනම් එය අසා මා කරබාගෙන සිටින බවත්, යන සෑම රැස්වීමකම මා පටිගත කිරිමි සිදුකරන අතර, කිසිදු සුදුසු කමක් නොමැති මෙම අයවලුන් මෙම සිහි කිරීමේ දිනයන් කෙසේද සිදුකරන්නේ.

    මොවුන් යුද්ධය සිදු නොකර පලාගිය අයවලුන් මොවුන්ට කෙසේද මෙම ගෞරව කිරීමේ උත්සවය සිදුකල හැක්කේ මූලින්ම මොවුන්ට ගෞරවයක් තිබුනොත් ගෞරවය කිරීමේ උත්සව පැවැත්විය හැක්කේ. කිසිදු සුදුසුකමක් නොමැති අයවලුන් මෙම උත්සවයන් පැවැත්වීම නැවැත්විය යුතුයි. විදේශගතව සිටින සාමාජිකයින් මොවුන් හට මුදල් ලබා නොදිය යුතුයි. කවුරුන් හෝ පුද්ගලයෙකු මහවිරු පවුලක සාමාජිකයෙකු හට උපකාර කර ඇති බවට ප්‍රකාශ කල යුතුයි.,,

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.