Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අර්ජුන දැඩි තීරණයක් ගනී
    Featured

    අර්ජුන දැඩි තීරණයක් ගනී

    By LFNNovember 12, 2023No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම මුදලින් හෝ වියදම් කර අධිකරණය හමුවට ගොස් ක්‍රිකට් යළි නිවැරදි මාර්ගයට ගැනීමට තමන් උත්සාහ ගන්නා බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග,

    “මම අද තීරණය කරගෙන ඉන්නේ ක්‍රිකට් අපි හදනවා. අපි යමු උසාවි. අතින් වියදම් කරගෙන යනවා උසාවි. කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරේවි අපි මේකට අතගහන්න හදන්නේ ඇයි කියන එක. අපේ ක්‍රීඩකයෝ 80 දෙනෙක් ඉන්නේ පිටරට. මේ හොඳම ක්‍රීඩකයෝ ටික. ඇයි ඒගොල්ලෝ යන්නේ, මේ රටට ආදරේ නැතිකමට නෙවෙයි නේ. ඒගොල්ලොන්ට අපි අවස්ථාවක් දීලා තියෙනවාද. මට ක්‍රීඩකයෝ 8 දෙනෙක් කතාකරලා කිව්වා අයියේ අපි කරලා දෙන්නම් කිව්වා සල්ලිත් එපා කිව්වා. අපි ගෙවනවා ඩොලර්වලින් පිටරට පුහුණුකරුවන්ට. කරන දේකුත් නෑ, දැන් පෙන්වා නේ, ඒගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන්නේ. ඔය කතාකරන ක්‍රිකට් පරිපාලනය තමයි හොඳටම කරලා තියෙන්නේ. අපි ඊයෙත් දැක්කා. මම ක්‍රීඩකයින්ට මුකුත් කියන්නේ නෑ. මේ දරුවෝ ටික හදාගන්න ඕන. මට තිබුණා එක චෝදනාවක් කැප්ටන් කරනකොට මම සැරයි කියලා, ඔව් මම සැරයි. අපි රට නියෝජනය කරනකොට අපි දැනගන්න ඕන මිලියන 22ක් අපි නියෝජනය කරනවා කියලා. එතකොට අපිට වගකීමක් තියෙනවා. ඒ දවස්වල රෑ 10න් පස්සේ කාටවත් එළියේ ඉන්න බෑ. කාමරෙන් එළියේ ඉන්නත් බෑ. අහුවුණොත් ගෙදර එවනවා. මොකද විනය කියන එක තමයි අපේ රටේ නැතිවුණේ පහුගිය කාලේ . මේක හදන්න ඕන ජාතික කණ්ඩායමට ආවම නෙවෙයි, චූටි දරුවාගේ ඉඳලා. ඒක හදන්න ඕන අම්මා තාත්තා, පාසලේ පුහුණුකරුවා. සනත්, වාස්, මුරලි, දුලිප් ඔය සියලුම දෙනා හැදුනේ ඒ ක්‍රමවේදයකින්.”

    “රොෂාන් ඇමතිතුමා මට කතාකරලා කිව්වා අයියේ මට ක්‍රිකට් ටික හදලා දෙන්න කියලා. මම කිව්වා මම ක්‍රිකට් පැත්ත බලන්නම්. තව කණ්ඩායමක් හදලා පරිපාලනය පැත්ත බලන්න. මම මේ රටේ ක්‍රිකට් 96 තිබ්බ ගාණට මම ගෙනල්ලා දෙන්නම් මම ඒ වගකීම ගන්නම් කිව්වා.මම සහ අනිත් නිලධාරීන් ගිහිල්ලා අපි හැදුවා කොයි විදියට ද ඉක්මණට මේක වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ඒ සැලසුම් ටික මට ගෙදර අරගෙන යන්න සිද්ධවුණා. මට මේකට අතගහගෙන මැරෙන්න යන්න ඕන නෑ. හැබැයි මේ රටේ ක්‍රිකට් විනාශ කරන්න මූලික වශයෙන් මේ රටේ ක්‍රිකට් පරිපාලනය වගකියන්න ඕන. ඒ ගොල්ලෝ කරලා තියෙන දේ මම කියන්න ඕන නෑ. විගණකාධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා මොනවගේ විනාශයක් ද කරලා තියෙන්නේ කියලා.”

    “ක්‍රීඩා අමාත්‍යවරයා හොරකම නවත්වන්න හදනකොට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බේදයක් නැතුව. ආණ්ඩුව විපක්ෂය එක තැනකට ආවා. මේ රටේ යුද්ධයක් පැවති කාලයේ එක දවසකට හරි ඒක නැවැත්තුවේ 96දී අපි 11ක් ක්‍රීඩා කරන හින්දා. ඒ රට වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා. ඒක අර්ජුන රණතුංගගේ ටීම් එකවත් අර්ජුන රණතුංගගේ ක්‍රිකට් පරිපාලනය වත් නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක සෙල්ලම් කරනකොට LTTEය යුද්ධය නවත්වලා ක්‍රිකට් තරගය බැලුවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.