Author: LFN
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ. එමගින් පෙන්වාදී ඇත්තේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට ලක්වී ඇති බවය. ඒ අනුව මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය දැනුවත් කිරීමටත් ජනාධිපතිවරයා සමග හමුවක් අවශ්‍ය බවද සඳහන් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙතද යොමුකර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට එල්ලවන බරපතළ වංචා සහ දූෂණ චෝදනා හමුවේ ඔවුන් අදාළ ලිපිය යොමුකර ඇති බවය. ශ්‍රී…
නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කල බවට සැකකෙරෙන රත්‍රන් කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමග සැකකරුවන් පිරිසක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. මන්නාරම් මුහුදේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර සැකකරුවන් 05 දෙනෙකු එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රාවක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 28ත් 56ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය අද ඊයේ (04) පැවැත්වුණි. එම තරගය ලකුණු 33කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49 පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 286ක් පමණි. තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 287කි. එම ඉලක්කය හඹා ගිය එංගලන්තය පන්දුවාර 48යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 253ක් පමණි.
ඊශ්‍රායලයේදී මියගිය යටවර බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ අතර යටවර බණ්ඩාර මහතාගේ මරණය ගැන ඔහුගේ බිරිඳ මෙලෙස අදහස් පළ කළාය, “ඊයේ වෙනකම් අපි හිතන් හිටියේ ජීවතුන් අතර ඉන්නවා කියලා. මම ආයෙත් තානාපතිතුමාට කථා කළා… ඒකත් විශ්වාස නෑ කියලා මගේ හිත කියපු හින්දා. තානාපතිතුමා කථා කරලා කිව්වා දුවලගේ DNAවලට ගැලපෙනවා කියලා.. ඔයා හිත හදාන්න කියලා. මහත්තයාගේ එකම හීනය වුණේ දුවව රටකට යවන්න. හැමෝටම කියලා තියෙනවා ආයේ ලංකාවට යන්නේ දුවව රටකට යවලා කියලා.”
අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ දී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. ඊයේ (04) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. පොලීසිය ප්‍රකාශ කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට හිරමනයකින් හිසට පහර දී ඝාතනය කර, අනතුරුව ඔහුද නිවස තුළ ගෙල වැලලාගෙන ඇති බවය. එසේ මියගොස් ඇත්තේ අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි බිරිඳ සහ 30 හැවිරිදි සැමියා බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் අදත් සවස 2න් පසු වැසි අදත් සවස 2න් පසු වැසි November 5, 2023 06:02 am දිවයිනේ බොහෝ පළාත්වල අද (05) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරුමැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. උතුරු සහ නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.…
රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසිලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානින් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළයුතු බව පැවසු ජනාධිපතිවරයා, රට ආපස්සට ගෙන යාමට කිසිසේත් ඉඩලබා නොදෙන බවද ජනාධිපතිවරයා පැවසීය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (04) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය. දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම එම අවස්ථාවට කැඳවා තිබු අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර තිබු වැඩපිළිවෙල සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවී…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් අඩි 04 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පි.සී.සුගීෂ්වර මහතා පැවසීය. උඩවලව ජලාශයේ ද වාන් දොරටු පහක් අඩිය බැගින් විවෘත කර තිබේ. ඒ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත ව වෙසෙන ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසු විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. මේ අතර, අත්තනගලු ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණි සඳහා පනවා තිබු ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ හේතුවෙන් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධ ව පාර්ශ්ව කිහිපයකින්ම මේ වන විට විවේචන එල්ල වෙමින් පවතියි.
දෙදෙනෙකු අතර පැවති රහස් ප්‍රේම සබඳතාවක් හෙළිකිරීම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබේ. මරණකරු හා සැකකරු එකට මත්පැන් පානය කරන අතරතුර මරණකරු විසින් එම ප්‍රේම සබඳතාව හෙළිකර ඇතැයි පොලීසිය පවසයි. එසේ ඝාතනයට ලක් ව ඇත්තේ කළුතර උතුර, මහ වස්කඩුව කන්ද පන්සල පාරේ පදිංචි ව සිටි රේමන් ජයතිස්ස නැමැති 67 හැවිරිදි තිදරු පියෙකි. පහර දීම සිදු කළ බව කියන එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පුද්ගලයෙකු බවට වාර්තා වේ. පහරදීම සඳහා යොදාගත් පොල්ල ද පොලීසිය භාරයට ගෙන ඇති අතර, සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන…