Author: LFN

යතුරුපැදි අනතුරකින් 16 සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ. ධාවනය වෙමින් තිබූ අදාළ යතුරුපැදිය මාර්ගයේ ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇත. මාවතගම පොලිස් වසමේ 09 කණුව හතරලියැද්ද කැඹිලිතිගොඩ පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ (02) සවස අනතුර සිදුවී තිබේ. එම අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකාරිය සහ ඇයගේ දියණිය වන පසුපැදිකාරීය මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 16 හැවිරිදි දියණියව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරුකර යවා ඇත. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කහපත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව දැනුම්දී තිබේ. ඒ අනුව හෙට (04) දින පස්වරු 7 සිට පසුදින (05 ඉරිදා) පෙරවරු 5. 00 දක්වා පැය 10ක කාලයක් සඳහා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, අවශ්‍යතා පරිදි ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

Read More

ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා එහි කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා එම නව බුද්ධි කොට්ඨාසය හරහා අවශ්‍ය පියවර ගන්නා බවය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා, “අපි මේ වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළා. ඒ වැඩපිළිවෙල අපි මේ වසරේ ආරම්භ කළා. ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කරන්න සහ නැති කරන්න වගේම මුලින්උපුටා දමන්න මේ බුද්ධි එකකය ඉවහල්…

Read More

රෆා දේශසීමාව විවෘත කෙරුණ ද ගාසා තීරයේ තවදුරටත් දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඊයේ රාත්‍රිය පුරා තැන තැන පිපුරුම් හඬ සහ වෙඩි හඬ ඇසුණු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ ගාසා තීරයේ මෙහෙයුමක් සිදුකළ බවට ඊශ්‍රායල් හමුදා අංශ මෙතෙක් තහවුරු කර නැහැ. මේ අතර ගාසා තීරයේ රෆා දේශසීමාව විවෘත කිරීමට තීරණය කර ඇති අතර ඒ හරහා පුද්ගලයින් 500 කට පමණ ගාසා තීරයෙන් පිටවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ දැන් ගාසා තීරයට මානුෂීය විරාමයක් අවශ්‍ය බවයි. ගාසා තීරයේ සිරවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා සහ මානුෂීය ආධාර ලබාදීම සඳහා…

Read More

ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු ගාසා – ඊජීප්තු දේශ සීමාවේ පිහිටි රෆා පිවිසුම පසු කර තිබේ. ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයින්ට එම ප්‍රදේශයෙන් ඉවත් වීම සඳහා අවසර හිමිව තිබුණි. කෙසේවෙතත් ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාගෙන් සිව්දෙනෙකුට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් රැඳී සිටින ස්ථානයෙන් ඉවත්වීම දුෂ්කර වී ඇති බව සඳහන් වේ. .

Read More

ඉන්දීය නිවාස වැඩසටහනේ පළමු අදියර යටතේ යටතේ කොටගල, දිඹුල ප්‍රදේශයේ නිවාස 10,000ක් සඳහා ඩිජිටල් ක්‍රමය හරහා මුල්ගල් තැබීම න්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරිණි. වැවිලි ප්‍රජාව සඳහා වසර 200ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (02) කොළඹ පැවති උත්සවයකදී මෙම මුල්ගල් තැබීම සිදුකළේය. ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී විය. කඳුකර වතු ජනතාව සඳහා පර්චස් 10 බැගින් ඉඩම් ඔප්පු ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය. එහිදී අදහස් දැක්වූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, “ඉන්දියාව ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් අසාමාන්‍ය අන්දමේ ඩොලර් බිලියන 04 ඉක්මවූ මූල්‍යාධාර ලබාදුන්නා. ශ්‍රී…

Read More

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ නම භාවිත කර කාන්තාවන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ පුවත්පත්වල විවාහ මංගල දැන්වීම් පළකරන කාන්තාවන් ඉලක්ක කර ඔහු එම ජාවාරම සිදුකර ඇති බවය. සැකකරු පුවත්පතෙහි පළකරන දුරකතන අංක ලබාගෙන නිවැසියන්ගෙන් අදාළ කාන්තාවන් පිළිබඳ විස්තර ගෙන ඔවුන්ට විවිධ අසත්‍ය චෝදනා කොට මුදල් ලබාගන්නා බවට වාර්තා වී ඇත. එමෙන්ම ඔහුට ආධාර අනුබලදුන් කාන්තවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එම හමුව සඳහා ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ මෙරටට පැමිණ සිටින ඉන්දීය නියෝජිත පිරිස සහභාගී වූ බවය. එම හමුව ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබේ. එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දියානු රජයේ විසින් ප්‍රදානය කරනු ලබන ඩොලර් මිලියන 15ක ආධාර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කරගත් බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.

Read More

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඊයේ (02) සිට පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පැවසුවේ ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවය. “සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට අපි මේ පොත් නිකුත් කරනවා. ඒ නිකුත් කිරීමේදී 30%ක වට්ටමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා දීමට කටයුතු කරලා තියෙනවා.”

Read More

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හමුවේ ලද පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ගෙන් සහ තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට තීරණය කර තිබේ. ඊයේ කණ්ඩායම තේරීම සිදුකළේ කුමන පදනමකින්ද යන්න මෙහිදී විමසන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු පැවසීය. ධනංජය ද සිල්වා ඊයේ තරගයෙන් ඉවත් කර ඒ වෙනුව දුෂාන් හේමන්ත කැඳවීම ද ගැටලු සහගත බව ඔහු පැවසීය. මෙම කරුණු පිළිබඳව සහ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳවද කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

Read More