Author: LFN
අද (01) දිනයෙත් දුම්රිය ගමන්වාර 08ක් මේ වනවිට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය රියදුරන්ගේ හිඟය නිසා මෙම තත්ත්වය මතුවී ඇති බව පැවසෙයි. ඊයේ (31) දිනයෙත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුවී තිබුණි.
පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබේ. මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බව රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ මහතා පවසයි. බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බව ද ඒ මහතා කියා සිටියේය. මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අන්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජාඇළ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ එස්.පී.සී සුගීස්වර මහතා සඳහන් කළේ, මේ පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය. “අත්තනගලු ඔයේ දරා ප්‍රදේශවලට ඊයේ සවස් කාලයේ සිට ඇති වු වැසි තත්ත්වය නිසා විශේෂයෙන්ම අත්තනගලු ඔය ඉහළ ප්‍රදේශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල, ගම්පහ, ජාඇළ, වත්තල ඇතුළු අත්තනගලු ඔය දෙපස පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර අවධානමක් පවතින බව සඳහන් කර යුතුයි. මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිතා කිරීමේදී ඉතා දැඩි…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක තිබී මළ සිරුරු කිහිපයක් හමුවූ බව පොලීසිය පවසයි. පල්ලේකැලේ කාර්මික ජනපදයේ මහවැලි ජල පවිත්‍රාගාරය අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඊයේ (31) හමුවී තිබේ. එම මළ සිරුර ජලයේ පාවෙමින් ඇති බවට පල්ලේකැලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වන කලගොල්ලාගොඩ, පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට මරණකරු හැඳ සිටි කලිසමේ සාක්කුවක තිබී හමුවූ ඔහුගේ ජාතික හැඳුනුම්පතෙන් අනාවරණය වූ බව පොලීසිය පවසයි. මෘත ශරීරය මරණකරුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති අතර පසුගිය 28 වන දින මියගොස් ඇති පුද්ගලයා නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි බවට ඇය විසින් වත්තේගම පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 9කින් පහත දමා ඇති අතර, එහි නව මිල රුපියල් 356කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 423කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 356ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 10කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 431ක් වෙයි. රුපියල් 242ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ නංවා ඇති අතර…
නොනවතින ගුවන් ප්‍රහාර සමගින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා පලස්තීන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සහ උතුරේ සිට දකුණට ඇදෙන මාර්ගය ඔස්සේ සිය මෙහෙයුම් පුළුල් කර තිබේ. ඊට තමන් ප්‍රතිප්‍රහාර එල්ල කළ බව හමාස් සංවිධානය පවසයි. ගාසා නගරයට දෙපාර්ශ්වයකින් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා වෙත ස්වයංක්‍රිය තුවක්කු සහ දේශීයව නිපද වූ යුද ටැංකි නාශක මිසයිල යොදාගෙන පහරදුන් බව හමාස් සංවිධානයේ අල් කසාම් සන්නද්ධ බළකාය සඳහන් කළේය. පලස්තීන රතු කුරුස සංගමය පවසන්නේ ගාසා තීරයේ අල් කඩ්ස් රෝහල අසළට ද ඊශ්‍රායල ප්‍රහාර එල්ලවී ඇති බවය. ඒ එහි රැඳීසිටින අවතැන්වූවන්ට සහ සෞඛ්‍ය සේවකයින්ට දැඩි අවදානමක් එල්ල කරමිනි. UNICEF සංවිධානය පෙන්වා දෙන්නේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් දෛනිකව ගාසා තීරයේ…
ඇල්ල ප්‍රදේශයේදී ඊයේ (31) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ හෝටලයක් තුළ අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තාවූ බවය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවත් වෙඩිවැදුණු පුද්ගලයා තුවාල ලබා ඇති බවත් තවදුරටත් වාර්තා වෙයි.
ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය සහ යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් මෙන්ම පෞද්ගලික අංශයේ සංවර්ධන හවුල්කරුවන්ද මේ සඳහා එක්ව සිටියේය. මෙම ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව 2022 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වුණු සාකච්ඡාවට අනුව සිදුවූ අතර, ප්‍රධාන ආර්ථික හා ව්‍යුහාත්මක ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් රජය ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රගතිය සාකච්ඡා කිරීමේ අරමුණින් කැඳවා තිබුණි.
තමන් ලබන සතියේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් පවසයි. ඔහු විසින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සම අභියාචනාධිකරණය ඊ නිෂ්ප්‍රභ කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් වූයේ ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්…