Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අයවැය විවාදය පැවැත්වෙන්නේ මෙහෙමයි
    Featured

    අයවැය විවාදය පැවැත්වෙන්නේ මෙහෙමයි

    By LFNNovember 2, 2023No Comments4 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 07 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    මේ අතර, 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 13 වැනි සඳුදා පස්වරු 12.00ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහලේකම්වරිය පැවසීය.

    2023 ඔක්තෝබර් මස 19 වැනි දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් එකඟත්වය පළ වී ඇත.

    මේ අනුව 2023 නොවැම්බර් මස 07 වැනි අගහරුවාදා පෙරවරු 09.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

    පෙරවරු 10.30ට දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට නියමිත ව තිබේ.

    අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා (ප්‍රශ්න දෙකක්) කාලය වෙන් කර ඇත.

    2023 නොවැම්බර් මස 08 වැනි බදාදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08ක්) සඳහා කාලය වෙන් කර ඇති අතර, පෙ‍රවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයා ගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.

    ඉන්පසු පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත, (දෙවැනි වර කියවීම) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම) විවාදයට ගැනීමට නියමිතයි.

    අනතුරුව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

    2023 නොවැම්බර් මස 09 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමෙන් අනතුරු ව පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත ව තිබේ.

    අනතුරුව 2023 මුදල් වර්ෂය සදහා රුපියල් බිලියන 231.5කට අදාළ ව අනුමැතිය ලබාගැනීම සදහා අංක 01 දරණ පරිපූරක ඇස්තමේන්තුව ද ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

    ඉන්පසු පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සඳහා කාලය වෙන් කර ඇත.

    2023 නොවැම්බර් මස 10 වැනි සිකුරාදා පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරු ව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය.

    අනතුරු ව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීමට නියමිත ව ඇත.

    අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට ද තීරණය වී ඇත.

    විවාදයෙන් අනතුරු ව පස්වරු 05.00 සිට පස්වරු 05.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත ව තිබේ.

    අයවැය විවාදය

    ඉන්පසු එළැඹෙන නොවැම්බර් 13 වැනි සඳුදා 12.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙවත් ‘අයවැය කථාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.

    අනතුරු ව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 07ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්වරිය නිවේදනය කර ඇත.

    එසේම අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අඟහරුවාදා දා පස්වරු 06.00ට පැවැත්වීමට නියමිත ව තිබේ.

    අනතුරු ව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට ද මෙහි දී තීරණය වී තිබේ.

    මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 06.00ට පැවැත්වීමට නියමිතය.

    අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 09.30 සිට පස්වරු 06.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර, ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න් සෑම දිනකම පස්වරු 06.00 සිට පස්වරු 06.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.