Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තැන තැන හමුවන මළ සිරුරු
    Local News

    තැන තැන හමුවන මළ සිරුරු

    By LFNNovember 1, 2023No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක තිබී මළ සිරුරු කිහිපයක් හමුවූ බව පොලීසිය පවසයි.

    පල්ලේකැලේ කාර්මික ජනපදයේ මහවැලි ජල පවිත්‍රාගාරය අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඊයේ (31) හමුවී තිබේ.

    එම මළ සිරුර ජලයේ පාවෙමින් ඇති බවට පල්ලේකැලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වන කලගොල්ලාගොඩ, පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට මරණකරු හැඳ සිටි කලිසමේ සාක්කුවක තිබී හමුවූ ඔහුගේ ජාතික හැඳුනුම්පතෙන් අනාවරණය වූ බව පොලීසිය පවසයි.

    මෘත ශරීරය මරණකරුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති අතර පසුගිය 28 වන දින මියගොස් ඇති පුද්ගලයා නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි බවට ඇය විසින් වත්තේගම පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මේ අතර, මාරවිල පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේ මළ සිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පසුව අනාවරණය වුණි.

    එම පුද්ගලයාගේ ශරීරයෙන් ලේ වහනය වෙමින් මියගොස් ඇති අතර, මෙය පහරදීමක් හේතුවෙන් සිදුවු මරණයක් බවට පොලීසිය සැකපළ කරයි.

    කෙසේවෙතත් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, පසුගිය 29 වනදා මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් ඔහු අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවය.

    මේ අතර වැලිකඩ පොලිස් වසමේ මොරගස්මල්ල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ 87 හැවිරිදි රාජගිරියේ පදිංචි වයෝවෘධ කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.