Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
    Featured

    ගම්පහ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

    By LFNNovember 1, 2023No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අන්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගම්පහ, ජාඇළ ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ එස්.පී.සී සුගීස්වර මහතා සඳහන් කළේ, මේ පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය.

    “අත්තනගලු ඔයේ දරා ප්‍රදේශවලට ඊයේ සවස් කාලයේ සිට ඇති වු වැසි තත්ත්වය නිසා විශේෂයෙන්ම අත්තනගලු ඔය ඉහළ ප්‍රදේශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල, ගම්පහ, ජාඇළ, වත්තල ඇතුළු අත්තනගලු ඔය දෙපස පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර අවධානමක් පවතින බව සඳහන් කර යුතුයි. මේ අනුව අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ග භාවිතා කිරීමේදී ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම මාර්ග භාවිතා කරන රියදුරු මහත්වරු සහ ඒ වගේම රථ වාහන මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම තත්ත්වය තවදුරටත් අද දිනය තුළ සුළු වශයෙන් වර්ධනය වීමේ හැකියාවක් පවතින නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

    එමෙන්ම නිල්වලා ගඟ අවට පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුර අවදානමක් පවතින බව එස්.පී.සී සුගීස්වර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    “ඒ වගේම නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල විශේෂයෙන් අකුරැස්ස, මාලිම්බඩ, මාතර, තිහගොඩ වැනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ ජල මට්ටම නැවත සුළු වශයෙන් වර්ධනය වෙමින් පවතින නිසා නැවත ගංවතුරේ බලපැම් යම් යම් ස්ථානවල වර්ධනය වීමේ හැකියාව පවතින නිසා එම ප්‍රදේශවල පදිංචි ජනතාවත්, ඒ වගේම එම ප්‍රදේශ හරහා විශේෂයෙන්ම අතුරු මාර්ග භාවිතා කරන රියදුරුන් සහ මගීන් අවධානයෙන් කටයුතු කළ යුතු බව සඳහන් කළ යුතුයි. ඒ වගේම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ විශේෂයෙන්ම බුලත්සිංහල, පාලින්දනුවර සහ මදුරාවල වැනි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලත් කුඩා ගඟ දෙපස පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් මේ වන විට පවතිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.