Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ගාසා වැසියන්ගේ ජීවිත අවදානම තවත් වැඩිවෙයි
    International

    ගාසා වැසියන්ගේ ජීවිත අවදානම තවත් වැඩිවෙයි

    By LFNNovember 1, 2023No Comments2 Mins Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නොනවතින ගුවන් ප්‍රහාර සමගින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා පලස්තීන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සහ උතුරේ සිට දකුණට ඇදෙන මාර්ගය ඔස්සේ සිය මෙහෙයුම් පුළුල් කර තිබේ.

    ඊට තමන් ප්‍රතිප්‍රහාර එල්ල කළ බව හමාස් සංවිධානය පවසයි.

    ගාසා නගරයට දෙපාර්ශ්වයකින් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා වෙත ස්වයංක්‍රිය තුවක්කු සහ දේශීයව නිපද වූ යුද ටැංකි නාශක මිසයිල යොදාගෙන පහරදුන් බව හමාස් සංවිධානයේ අල් කසාම් සන්නද්ධ බළකාය සඳහන් කළේය.

    පලස්තීන රතු කුරුස සංගමය පවසන්නේ ගාසා තීරයේ අල් කඩ්ස් රෝහල අසළට ද ඊශ්‍රායල ප්‍රහාර එල්ලවී ඇති බවය.

    ඒ එහි රැඳීසිටින අවතැන්වූවන්ට සහ සෞඛ්‍ය සේවකයින්ට දැඩි අවදානමක් එල්ල කරමිනි.

    UNICEF සංවිධානය පෙන්වා දෙන්නේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් දෛනිකව ගාසා තීරයේ දරුවන් 420 ඉක්මවූ පිරිසක් මරුමුවට පත්වීම හෝ තුවාල ලැබීම සිදුවන බවය.

    එමෙන්ම සෑම විනාඩි 10කදීම එක් දරුවෙකු මිය යන බව “සේව් ද චිල්ඩ්රන්” සංවිධානය පවසයි.

    ඒ අනුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වනවිට මිය ගොස් ඇති පලස්තීන වැසියන් ගණන 8,300ට අධික ය.

    මෙවන් පසුබිමක කිසිදු විටෙක සටන් විරාමයක් සඳහා එකඟ නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.

    ඔහු අවධාරණය කරන්නේ මෙහිදී සටන්විරාමයක් සඳහා එකඟවීම යනු හමාස් සංවිධානයට යටත්වීමට සමාන ක්‍රියාවක් බවය.

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ පර්ල් වරායට බෝම්බ හෙළීමෙන් පසුව හෝ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුවත් අමෙරිකාව සටන් විරාමයකට එකඟ නොවූ ආකාරයටම ඊශ්‍රායලයත් ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු සටන් විරාමයකට එකඟ නොවන බවය.

    සටන් විරාමයකට එකඟ වනවා යනු, හමාස් සංවිධානයට, නැත්නම් ත්‍රස්තවාදීන්ට යටත් වෙනවා යන්න බව ඔහු කියා සිටියේය.

    එය සිදු නොවන බවත් සාමයට මෙන්ම යුද්ධයටත් කාලයක් පවතින බව බයිබලයේ සඳහන් වන බවත් ඔහු ප්‍රකාශ කළේ මෙය යුද්ධයක් සඳහා කාලය මෙන්ම පොදු අනාගතයක් සඳහා වන යුද්ධයක් සඳහා වූ කාලයක් බව පවසමිනි.

    මේ අතර, ඊශ්‍රායලය ගාසා තීරයේ දියත් කරන ගොඩබිම් මෙහෙයුම් අතරතුර දී හමාස් සංවිධානයේ ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල හමුදා සෙබළියක් මුදා ගෙන ඇති බව වාර්තා වෙයි.

    එමෙන්ම, තවමත් ප්‍රාණඇපයේ සිටින කාන්තාවන් තිදෙනෙකුගේ වීඩියෝවක් ද හමාස් සංවිධානය නිකුත් කර තිබුණි.

    එහි දී අදහස් දැක් වූ එක් කාන්තාවක් අගමැති නෙතන්යාහුට චෝදනා කළේ, සටන්විරාමයක් ඇති කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙනි.

    ඇය පැවසුවේ තමන් ප්‍රාණඇපයට පත්වී දින 23ක් ගතවී ඇති බැවින් දැන් සටන් විරාමයක් නිවේදනය කළ යුතු බවයි.

    ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට දේශපාලන සහ හමුදා ස්ථාවරය වෙනුවෙන් වන්දි ගෙවන්න සිදු වී ඇති බවත් ඇය කියා සිටියාය.

    මේ අතර, ගාසා තීරයේ තත්ත්වය තවදුරටත් අයහපත් වීම හේතුවෙන් මානුෂීය සටන් විරාමයක අවශ්‍යතාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී අවධාරණය කර ඇති බව සඳහන් ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

    July 17, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.