Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනක රත්නායකට මරණ තරජනය කළ සිද්ධියේ සුලමුල එළියට
    Featured

    ජනක රත්නායකට මරණ තරජනය කළ සිද්ධියේ සුලමුල එළියට

    By LFNOctober 30, 2023No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මරණ තර්ජන එල්ල කර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරික ජනක රත්නායක මහතා ගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

    පොලීසිය පැවසුවේ, ඩුබායිහි සැඟ ව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමින් පෙනී සිටිමින් මෙම කප්පම් මුදල් ලබාගෙන ඇති බවයි.

    මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරික ජනක රත්නායක මහතාට පසුගිය මස 16 වැනිදා පෙරවරු 07.10ත් 09ත් අතර කාලයේ දී පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දී තිබිණි.

    දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා තමා ව හඳුන්වා දී තිබුණේ, ඩුබායිහි සැඟ ව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ලෙසටයි.

    ජනක රත්නායක මහතා ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවත් එලෙස සිදු නොකිරීමට නම්, රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබා දෙන ලෙසටත් ඔහු රත්නායක මහතාට පවසා තිබිණි.

    අනතුරු ව ජනක රත්නායක මහතා ඔවුන් ඉල්ලා සිටි කප්පම් මුදල සිය කාර්යාලයේ සේවකයෙකු මඟින් කිරුළපන පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී ලබා දී ඇති අතර, ඒ අනුව මුදල ලබාගත් කප්පම්කරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයට ගොඩවන ආකාරය ද සීසීටීවී කැමරාවල සටහන් ව තිබිණි.

    පසු ව ඔවුන් තවත් රුපියල් ලක්ෂ හයක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, ඒ අනුව මෙම සිදුවීම පිළිබඳ ජනක රත්නායක මහතා කිරුළපන පොලීසියට හා පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබිණි.

    පොලිස්පතිවරයා ගේ නියමයෙන් ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැවරුණු අතර, මූලික විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් තිදෙනෙක් පෙරේදා පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ රඹුක්කන ප්‍රදේශයේ දී ය.

    එලෙස අත්අඩංගුවට ගැනුණේ, කප්පම්කරුවන් පැමිණි කුලී පදනම මත ලබාගෙන තිබූ මෝටර් රථයේ රියදුරු සහ අපරාධකරුවන්ට නේවාසික පහසුකම් ලබා දුන් පුද්ගලයන් දෙදෙනෙකි.

    අවුරුදු 24, 26 සහ 31 යන වයස්වල පසු වන ඔවුන් තිදෙනා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව පොලිස් විමර්ශනවල දී අනාවරණ වී තිබේ.

    පොලීසිය පවසන්නේ, ඔවුන් තවත් පිරිසක් සමඟ එක් ව ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් ගේ නම් පවසා, කප්පම් ගැනීමේ ජාවාරමක කලක සිට නිරත ව ඇති බවයි.

    ඔවුන් විසින් එලෙස ලබාගන්නා කප්පම් මුදල් බැර කරවාගැනීම සඳහා භාවිත කළ රඹුක්කන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට අසීමිත ලෙස මුදල් බැර වීම හේතුවෙන් එම බැංකුව අදාළ ගිණුම අත්හිටුවා ඇති බවත් මේ හේතුවෙන් ඔවුන් කප්පම් මුදල් තම අතට ලබා ගෙන ඇති බවත් අනාවරණ වී ඇත.

    සැකකරුවන් ඊයේ අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

    කල්ලියේ ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.