Author: LFN
නිල්වලා ගඟ ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව පානදුගම ජල මාපාංකයේ පවතින සුළු ගංවතුර මට්ටම මීටර් 6.20ක් දක්වා ඉහළගොස් ඇත. එය මීටර් 7.50ක් දක්වා ඉහළ ගියහොත් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇත. මේ අතර තල්ගහගොඩ ප්‍රදේශයේ පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඒ අයුරින්ම පවතී.
තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙනයෑමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමනාකරණ වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක්වෙමිනි. ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතිය (National IT and BPM Week) ආරම්භ කරමින් මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 11, 12 සහ 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වෙයි.
ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. “අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඉදිරියේදී ජල ප්‍රභව දූෂණය වීම නිසා පාචන රෝග පැතිර යාම, ඒ වගේම මැස්සන් සහ මදුරුවන් ඉහළ යාම නිසා ඩෙංගු වැනි රෝග තත්ත්වයන් වගේම වෛරසවලින් පැතිරෙන රෝග තත්ත්ව සහ පාචන රෝග නැවත වරක් හිස එසවීම කියන කාරණා. කෙසේ වෙතත් මේ සම්බන්ධව අපි වැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම මහජනතාවගේ පානීය ජල ප්‍රභව පිරිසිදු කරදීම සඳහා පළාත් පාලන ආයතන සහ ස්වේච්චා සංවිධාන සමඟ එකතු වෙලා අවශ්‍ය තාක්ෂණික උපදෙස් දීලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ආහාර සෞඛ්‍ය ආරක්ෂා…
පසුගිය සැප්තැම්බර් මස 17 වනදා මාළිගාකන්ද ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර එහිදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි වයස අවුරුදු 36ක පුද්ගලයෙක් සහ අවුරුදු 6ක ඔහුගේ දියණිය තුවාල ලැබීය. පසුව ඔවුන්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී දැරිය මියගොස් තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (10) සවස වැලිකඩ පොලිස් වසමේ ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ ගිනිඅවි ප්‍රවාහනය කිරීමට හා සැකකරුවන්ට පළායෑමට යොදාගත් ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් සොයාගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36, 61 සහ 62 යන…
අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක්න් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. මීට ටික වේලාවකට පෙර එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බව සඳහන්ය. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.
අමනාප වූ පෙම්වතිය ගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. සැකකරු සන්තකයේ තිබී එම තරුණියගේ තවත් නිරුවත් ඡායාරූප 4 ක් විශාල කර සකස් කර තිබියදී සොයා ගත් පොලිසිය නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත. 23 හැවිරිදි පසුවන පැමිණිලිකාරිය හා සැකකරු මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර පාසල් මිතුරෙකු වූ සැකකරු සමඟ මීට වසර එකහමාරකට පමණ ඉහතදී පෙම් සබඳතාවයක් හටගෙන තිබූ බව පොලිසිය කියයි. කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි අයවැය මගින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එම අවස්ථාවේ දී ම ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කර එම සේවාවට අදාළ පුරප්පාඩු පිරවීමටත් ක්‍රියා කරන අතර සමස්ත අධ්‍යාපන පද්ධතියේ ම මානව සම්පත් ඌනතා ලබන ජනවාරි වන විට අදියරෙන් අදියර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපන පරිවර්තනීය වෙනස තුළ සිදු කරනු ලබන ව්‍යුහාත්මක වෙනස්කම්වල දී…
පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් දරුවාට ‘බැට්න් එක’ ප්‍රදානය කිරීමට නොහැකි බවත්, කාලානුරූපව අදාළ නායකත්වය බිහිවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය. ඒ මහතා සඳහන් කර සිටියේ, ජනාධිපති අපේක්‍ෂයා කවුරුන්ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාක්‍ෂිකයන් විසින් තීරණය කරනු ඇති බවයි. ඒ අනුව ආසන බලමණ්ඩල සාකච්ඡාවලදී ඒ පිළිබඳ තීරණ ගැනීමට නියමිත බවත්, එසේම ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයට තමන් ඉදිරිපත් වන බවට ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කිරීම තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ස්ථාවරභාවය පිළිඹිබු වන බවත් හෙතෙම පැවසීය. නාමල් රාජපක්‍ෂ මහතා මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (10දා) පැවති රැස්වීමකින් අනතුරුවය.
1973 වසරේ ඇතිවූ පලස්තීන – ඊශ්‍රායල යුද්ධයට වසර 50 ක් සපිරෙද්දී ක්‍රියාත්මක වූ හමාස් සංවිධානයේ පුදුම සහගත ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ගුවනින් සහ මුහුදින් තවදුරටත් එල්ල වෙයි. ගාසා තීරයේ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් ආයුධ ගබඩා ඉලක්ක කරගත් බව පැවසුව ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් නැවතත් ගාසා තීරයේ නිවහන්, ගොඩනැගිලි, සරණාගතත මධ්‍යස්ථාන, රෝහල්, දේවස්ථාන මහාමාර්ග සහ විදුලි සංදේශ මධ්‍යස්ථානයට ද දැවැන්ත හානියක් සිදුව තිබේ. මිලියන 2.3 ක් පලස්තීනුවන් කොටු වී සිටින ගාසා බිම් තීරුවේ එකම සුන්බුන් ගොඩක් දක්නට ලැබෙන බවත් ඇතැම් ගොඩනැගිලි තවමත් දැවෙමින් පවතින බවත් වාර්තා වෙයි. හමාස් ප්‍රහාරයට ප්‍රතිචාරයක් වශයෙන් ගාසා තීරයට සැපයෙන ආහාර, ජල සහ විදුලි සැපයුම් මුළුමණින්ම අත්හිටුවන බව…
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේදී අද ඇරඹෙන IORA අමාත්‍යවරුන්ගේ 23 වැනි කවුන්සිල හමුවට සහභාගී වීම ඔහු මෙරටට පැමිණ ඇති බව වාර්තාවෙයි.