Author: LFN

ඊශ්‍රායල සහ පලස්තීන යුධගැටුම් හේතුවෙන් මීයා කලීෆා හට සිය රැකියාව අහිමිවී තිබේ. පලස්ථීනයේ සිටින නිදහස් සටන්කාමීන්ට යුද්ධය රෑගත කිරීමේදී දුරකතනට තිරස්අතට හරවා රූගත කරන ලෙසට (Can someone please tell the freedom fighters in Palestine to flip their phones and film horizontal) පණිඩුයක් ටිවිටර් මාධ්‍යයේ ඇය විසින් පළකර තිබේ. මේම පණිඩුය ඉතාම බිහිසුන පණිඩුයක් බව පවසන් මෙවැන්නක් සිදුවීම පිලිකුල්සහගතබව ප්‍රකාශ කරමින් ඇය සමඟ ගිවිසුම් ගතවී සිටින Red Light Holland සමාගමේ ඉහළ කළමණාකාරීත්වය විසින් ඇයව සිය රැකියාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයත් සමග 2007 වසරේ සිට ආතතීන් හමුවේ පැවති ගාසා තීරය…

Read More

වෘත්තිකයින්ට සහ සාමාන්යක මහජනතාවට රට එපාවන තරමට බදු බර පටවද්දී මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ජාවාරමක් කරගත් සංවිධානාත්මක පිරිසක් වසරකට රුපියල් බිලියන 80 කට ආසන්න බදු වංචා කරන බවට දැවැන්ත චෝදනාවක් එල්ලවී තිබෙන බවත් මෙම වංචාකරුවන්ට ගැලවී යාමට ඉඩ ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම අවධාරණය කළේ මත්පැන් බෝතල්වල ඩිජිටල් කෝඩ් එකක් මුද්‍රණය කරනවාද ස්ටිකර් අලවනවාද කියා නිසි ඇගයීමකින් තොරව ආරක්ෂණ ස්ටිකර් ඇලවීම 2019 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙන බවයි. “දැන් මත්පැන් බෝතල්වල 85% ක ගහන්නේ ඩිජිටල් කෝඩ් එකක්. 15% යි ස්ටිකර් අලවන්නේ. මෙහිදී වංචාවක් සිදුවන බවට චෝදනා ආපු නිසා…

Read More

පක්ෂ සාමාජිකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ධම්මික පෙරේරා මහතාගේ ඇති කැමැත්ත සහ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ක්‍රියාදාමය යන්න කරුණු 02ක් වන බව එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි. ඒ මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරණයට වසරකට පෙර විවිධ පිරිස් ඒ සඳහා නම් ප්‍රකාශ කළද ජයග්‍රහණය කළ හැකි අපේක්ෂයකු පමණක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ඒ අනුව අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන බවට ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (09දා) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් අසන…

Read More

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිසි ලෙස පවත්වාගෙන නොයන්නේ නම් ශ්‍රී ලංකාව තුළ එම සේවාවන් සැපයීම සඳහා වෙනත් ගුවන් සේවාවන්වලටද අවස්ථාව ලබාදෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (09) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. පසුගිය දිනවල සිදුවූ ගුවන් යානා ප්‍රමාදයන් හේතුවෙන් ඩොලර් මිලියන 6ක් පමණ අමතර වැය වූ බවද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී වැඩිදුටත් පැවසීය.

Read More

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. ඊ (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. මෙම අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමයේ යෝජනාවට අනුව මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. මේ අතර ඊශ්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.…

Read More

වාහන හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී ස්කෑන් පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ සී.ටී ස්කෑන් යන්ත්‍රයට අදාළ ආයතනය සමග සේවා ගිවිසුම වසර දෙකකින් අලුත් නොකිරීම එහි නඩත්තු කටයුතු බිඳවැටීමට හේතු වී ඇති බවය. මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ සී.ටී ස්කෑන් යන්ත්‍රයේ බැටරි පද්ධතිය සඳහා විකල්ප ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර දින කිහිපයක් තුළ යන්ත්‍රය ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට පියවර ගන්නා බවය.

Read More

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පාකිස්තානයට එරෙහි පළමු ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට පිවිසීමට නියමිතය. අද (10) පැවැත්වෙන තරගය සඳහා මහීෂ් තීක්ෂණ සුදුසු ශාරිරික යෝග්‍යතාවකින් පසුවන බව ශ්‍රී ලංකා සහාය පුහුුණුකරු නවීඩ් නවාස් ඊ ( 09) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්, “මම හිතනවා තීක්ෂණ හෙට තරගයට ක්‍රීඩා කරයි කියලා. වෛද්‍ය උපදෙස්වලට පිටුපාලා අපිට පළමු තරගයේදී ඔහු සම්බන්ධයෙන් අවදානමක් ගන්න ඕන වුණේ නැහැ. හෙට තරගයට ඔහු ක්‍රීඩා කරයි කියලා හිතනවා.” ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එක්දින ලෝක කුසලාන තරග බිමේ අවස්ථා 8කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් අවස්ථා හතකදීම පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව…

Read More

පස් කන්දක් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ. ඊයේ රාත්‍රී 8ට පමණ මෙලෙස පස් කන්දක් සමග අධිබලැති විදුලි රැහැනක් මතට ගසක් කඩා වැටී ඇති බවය. කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතරදී මෙම පස්කන්ද කඩාවැටී තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බවය. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී, වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More