Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලීසිය සමග පොරබැද්ද කත රිමාන්ඩ්
    Featured

    පොලීසිය සමග පොරබැද්ද කත රිමාන්ඩ්

    By LFNOctober 22, 2023No Comments2 Mins Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බීමත්ව යතුරුපැදියක් ධාවනය කිරීම හේතුවෙන් පසුගියදා අම්බලන්ගොඩ පොලීසිය විසින් තරුණයින් දෙ‍දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී ඊට විරෝධය පළ කරමින් කාන්තාවක් පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් වාර්තා විය.

    පසුව එම කාන්තාව සහ අදාළ තරුණයින් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

    “අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් 19 වනදා මධ්‍යම රාත්‍රියේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඔවුන් බීමත්ව සිටියා.බීමත් රියදුරන් ලෙස තමයි ඔවුන්ව පොලිස් ස්ථානයට ඉදිරිපත් කළේ.”

    “දෙදෙනාම බීමත්ව සිටි නිසා ඒ පොලිස් නිලධාරීන්ට යම් ආකාරයකින් පාලනය කරගන්න බැරුව කටයුතු සිදුවෙලා තිබුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 27ක් සහ 25ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේම තරුණයින් දෙදෙනෙක්.”

    “ඒ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එක්තරා කාන්තාවක් පොලිස් ස්ථානය ඉදිපිටට පැමිණිලා පොලිස් නිලධාරීන්ට ඉතාම නරක ආකාරයෙන් සහ පරුෂ වචනයෙන් බැනවැදී තිබුණා. අපහාස කරමින් විවිධාකාරයට කටයුතු කරලා තිබුණා. එහිදී ඒ කාන්තාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්න ගියත් ඒ කාන්තාව එසේ ඉවත්වීමක් සිදුවෙලා තිබුණේ නැහැ.”

    “පසුව ඇතිවුණු තත්ත්වයත් එක්ක මේ කාන්තාව අත්අඩංඩගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසිය මගින් ක්‍රියා කරලා තිබුණා. මෙහිදී අත්අඩංගුවට ගත්තට පස්සෙත් මේ කාන්තාව ඒ පොලිස් නිලධාරීන් සමග පොරබදිමින් ඔවුන්ට හිරිහැර වන ආකාරයට කටයුතු කරලා තියෙනවා. සපාකෑම් සිදුකරලා තියෙනවා.”

    “කෙසේ වුවත් ඒ කාන්තාව පාලනය කරලා ඇයවත් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය මගින් නියෝග කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202602 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.