Author: LFN
වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීම ගැන ජනපති ගෙන් ප්‍රකාශයක් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත. පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳිමට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, ආගම් බේදයකින් තොර ව රටේ සියලු ජනතාවට මුහුණ පෑමට සිදු වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු බෙදීම් අවසන්…
රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් වාහන සොරකම් කළ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු විසින් සොරකම් කරන ලද වාහන කූඨ ලේඛන සකසා විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බවත් වාර්තා වෙයි. ඔහු ගාල්ල, තංගල්ල සහ හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකින් වාහන සොරකම් කර ඇති බව පොලීසිය පැවසීය.
ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. එම අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය. එමෙන්ම වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. අද දින මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා, “මිය ගිය සංඛ්‍යාව ගත්තොත් විශේෂයෙන්ම 1,733න් 540ක් පදිකයින්. ඒ වගේම යතුරුපැදිකරුවන් 543ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ගුවන් පාලම මේ වනවිට ඉතාමත් අබලන් තත්ත්වයකට පත්වී තිබේ. ජනතාව පවසන්නේ, මෙය ඉතාමත්ම අවදානම් තත්ත්වයක් බවය. දිනකට මගීන් දහස් ගණනක් මෙම පාලම හරහා එහාමෙහා ගමන් කරයි. ගුවන් පාලමේ යකඩ වැටවල් දිරාපත් වී ඇති අතර කොන්ක්‍රීට් කණු ද පුපුරා ගොස් ගැලවී යන තත්ත්වයක් මතුවී තිබේ. දුම්රිය මගීන්, පවසන්නේ විශාල අනතුරක් සිදුවීමට මත්තෙන් මෙය අලුත්වැඩියා කළ යුතු බවය. මෙය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ගුවන් පාලමකි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කළේ පාලමේ අබලන් තත්ත්වය ගැන එම අධිකාරියට ලිඛිතව මෙන්ම වාචිකව ද දැනුවත් කර ඇති…
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් පසුගිය අගෝස්තු මස 25 වනදා තලංගමදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබුණි. ඒ අනුව, පොලීසිය හඳුනාගෙන තිබුණේ සුපුන් ආකාශ් හෙවත් “කොට සුපුන්” නැමැත්තෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය. අනතුරුව ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණේ කොට සුපුන් ඇතුළු කණ්ඩායමක් වග දුම්රිය ස්ථානය පසුපස පිහිටි ඉඩම් කැබලිකර විකුණන ස්ථානයක තවත් අපරාධයක් සඳහා සූදානම් වන බවටය. ඉන්පසුව කොට සුපුන් විදෙස්ගතවීමට සූදානම්ව සිටින බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් 30දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම ප්‍රදේශයට ඊයේ (07) අලුයම 3.30ට පමණ ගොස් ඇති…
ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 7,000ක් පමණ එල්ල කර තිබේ. ඒ සමග යුදමය තත්ත්වයක් නිවේදනය කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, මෙය හමුදා මෙහෙයුමක් නොව යුද්ධයක් බවය. හමාස් සටන්කරුවන් පවසන්නේ, ඊශ්‍රායලය අල් අස්කා දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම දියත් කළ බවයි. ඔවුන් ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ සහ හමුදා ස්ථාන ඉලක්ක කර ප්‍රහාර දියත් කර ඇති අතර ඒ සමග මධ්‍යම සහ දකුණු දිග ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළ වසා දැමුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විනාඩි 20ක කාලයක් තුළ රොකට් ප්‍රහාර 5,000 ක් පමණ අඛණ්ඩව එල්ල කිරීමෙන් පසු තවත් රොකට් ප්‍රහාර 2,000 ක් පමණ ඊශ්‍රායලයට එල්ල කර ඇති බවය. මෙම දැවැන්ත ප්‍රහාරයත්…
2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබියදී රට බංකොලොත් බවට ප්‍රකාශ කර ණය ගෙවීම පැහැරහැරීම කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. රටේ සිදුවූ මූල්‍ය බංකොලොත් භාවයට හේතුවූ කරුණු පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් ඒ ඔහු මේ බව සඳහන් කළේය. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, “ගොඩක් අය හිතුවා IMF නැතුව වෙනත් සැලසුමක් නැහැ කියලා. ඒ කාලය තුළදී අපි ලබාගත් සම්පූර්ණ විදේශීය ආදායම් මිලියන 4,950. දැන් IMF හරහා වසර 4කින් ලබාගන්න බලාපොරොත්තු වෙන්නේ මිලියන 2,900යි. මිලියන 4,950ක් අරන් තිබුණා ඒ වෙලාව වෙනකොට ණය ගෙවන්නයි…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (07) පැවැති තරගය ලකුණු 102කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව, පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ටෙම්බා බවුමා ලකුණු 8කට දවාගැනීමට ඩිල්ෂාන් මධුසංඛ සමත්විය. නමුත්, කුයින්ටන් ඩි කොක් සමග පිටියේ එක්වූ රසී වැන්ඩර් ඩූසන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දෙවන කඩුල්ලට ලකුණු 204ක සබඳතාවක් ගොඩනැගුවේය. එය දකුණු අප්‍රිකානු පිතිකරුවන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාවය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ…
නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වල අද (08) සවස්කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර,ඌව,මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ වනවිට ගිං ගඟේ ජල මට්ටම බද්දේගමින් මීටර් 5.3ක් දක්වා ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පවසයි. ගාල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒ බව පැවසූ බවද අප වාර්තාකරු සඳහන් කරයි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා නිවේදනය කර ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිං ගඟ දෙපස පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වෙන ලෙසටය.