Author: LFN

අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු ව අත්අඩංගුවට ගැනිණි. ඒ, ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Read More

අද (07) පස්වරුවේ සිට පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම් අත්හිටුවීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

ව්‍යාජ නාම ලේඛනයක් යොදා ගනිමින් මෙරටට ඖෂධ ගෙන්වීම සඳහා වගකිව යුතු පුද්ගලයන්ට එරෙහි ව අවශ්‍ය දඬුවම ලබාදීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පවසන්නේ, අදාළ බලධාරීන් මේ පිළිබඳ මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම කනගාටුවට කරුණක් බවයි.

Read More

කුෂ් කිලෝග්‍රෑම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් පෑලියගොඩ ශ්‍රී ලංකා රේගුවේ පිහිටි ගමන් මලු නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ලී ඇසුරුම් තුනක මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබුණු බව සඳහන්ය. මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 122ක් බව ද වාර්තා වේ.

Read More

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර ඊයේ (06) පැවති තරගයෙන් ලකුණු 81ක පහසු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම සමත් විය. හයිද්‍රාබාද් හී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම, සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළේය. නමුත් පිළිතුරු ඉනිම සඳහා නෙදර්ලන්තයට රැස් කර ගත හැකි වූයේ, සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 205ක් පමණි. නෙදර්ලන්තය වෙනුවෙන් ඩි ලීඩ් ලකුණු 67ක් සහ වික්‍රම්ජිත් සිං ලකුණු 52ක් රැස් කළහ.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක. ඌව සහ නැඟෙනහිර පළාත්වල සහ පොලොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, නෙදර්ලන්තය හා පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කර ගැනීමට සමත් විය. පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් සහ සවුඩ් ශකීල් ලකුණු 68 බැගින් රැස් කළහ. පන්දු යැවීමේ දී ඩි ලීඩ් ලකුණු 62කට කඩුලු 04ක් ලබා ගත්තේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා නෙදර්ලන්තයට පන්දු වාරයක් සඳහා 5.84ක ලකුණු වේගයක් පවත්වාගත යුතු වේ.

Read More

නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම මුල්වරට නිකුත් කර තිබේ. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශය සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ සහ පාලින්දනුවර ප්‍රදේශ සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අතර අගලවත්ත සහ බුලත්සිංහල…

Read More

ඉන්දීය සුපිරි ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල්ට, ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත පළමු තරගය මඟ හැරෙන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ශුබ්මන් ගිල්ට ඩෙංගු වැළඳීම හේතුවෙන් මෙසේ ඔහුට පළමු තරගය අහිමි වනු ඇත. ඒ අනුව ඉශාන් කිෂන් හෝ කේ.එල්. රාහුල්, නායක රෝහිත ශර්මා සමඟ ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ. ඉන්දි‍යාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය ඔක්තෝම්බර් 08 වැනිදා චෙන්නායිහි දී පැවැත්වීමට නියමිතයි.

Read More

පානදුර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තට්ටු ගොඩනැගිල්ලක සිව්වන මහලින් ඇදවැටී අද (06) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ රනාල, නවගමුව ප්‍රදේශයේ පදිංචි මෙංචිගේ ලසන්ත රොෂාන් නමැති 45 හැව්රිදි පුද්ගලයකු බව පොලීසිය කීය. මියගොස් ඇති තැනැත්තා සංචාරක හෝටලයේ ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලක පෙදරේරුවෙකු ලෙස කටයුතු කරන අතර, වැඩ කරමින් සිටියදී ඔහු ඇදවැටී ඇති බව පොලීසිය පැවසීය. බරපතළ තුවාල ලබා සිටි එම තැනැත්තා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

Read More